29 C
Colombo
Wednesday, November 20, 2024

Breaking: හරීන් අත්අඩංගුවට

- Advertisement -

හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගීන් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

හිටපු ඇමැතිවරයා ආධාරකරුවන් පිරිසක්  සමඟ අත්පත්‍රිකා බෙදා හරිමින් රතිඤ්ඤා දල්වමින් පෙළපාළියේ ගමන් කරමින් සිටියදී ජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත පසුගිය 11 වැනිදා මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථානය සහ බදුල්ල පොලිසිය  මගින්  පෙළපාලිය විසුරුවා හරිනු ලැබුවා.

එහිදී හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ  පොලිස් නිලධාරින් අතර ඇතිවූ සංවාදයක් හේතුවෙන් එහි නොසන්සුන් තත්වයක්ද  ඇතිවී තිබුණා.

හිටපු ඇමැතිවරයා ඇද සිටි ටී ෂර්ටය පවා ගලා දමමින් එම අවස්ථාවේ නොසන්සුන් අයුරින් හැසිරෙනු දකින්නට ලැබුණා.

පොලීසිය පවසන්නේ, මේ වන විට හරීන් ප්‍රනාන්දු මහතාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් පවතින බවයි.


RECENT ARTICLES - SINHALA

නුවරඑළිය ගොල්ෆ් පිටියේ වසර 100කට වඩා පැරණි ගස් 50ක් කපන්න තීරණයක්

නුවරඑළිය ගොල්ෆ් ක්‍රිඩාංගණයේ ගස් කිහිපයක් විනාශ කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් ප්‍රදිප් දලන්සුරිය මහතා සඳහන්...

සුජීවගේ සැප වාහනේ ගැන කියන්න රංගා CIDයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ තිබෙන සුජීව සේනසිංහ මහතාගේ V8 රථය...

මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුවට අධිකරණයෙන් නියෝගයක්

ක්‍රිඩා අමාත්‍යවරයෙකු ලෙස සිටි කාලයේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් වැය කර කැරම් බෝඩ් දහසක් සහ දාම් බෝඩ් දහසක්  මිලදී ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා...

POPULAR ARTICLES