30 C
Colombo
Tuesday, September 10, 2024

Breaking: හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දෙක ගැන සජබ තීරණය මෙන්න

- Advertisement -

අද ලැබුණු අධිකරණ නියෝගයත් සමඟ පාර්ලිමේන්තු ආසන අහිමි වූ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරගෙන් හිස්වූ මන්ත්‍රී ආසනවලට නව මන්ත්‍රීවරුන් පත් කිරීම ජනාධිපතිවරණය අවසන් වන තෙක් සිදු නොකිරීමට සමගි ජන බලවේගය තීන්දු කර තිබෙනවා.

මීට සුලු මොහොතකට පෙර සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීන්දුව ගෙන තිබෙන අතර ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබියදී අනෙකුත් පක්ෂවලටද පූර්වාදර්ශයක් ලබා දීමේ අරමුණින් යුතුව මෙම තීන්දුව ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ජනාධිපතිවරණය අවසන් වූ වහා​ම මෙම පුරප්පාඩු පිරවීමට සමගි ජනබලවේගය තීරණය කොට තිබෙනවා.

කෙසේවෙතත් මෙම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර ‍දෙක සඳහා කිසිවෙකුත් පත්කර නොගැනීමෙන් සමගි ජනබලවේගය තුළ අභ්‍යන්තර අර්බුද රැසක් නිර්මාණය වීමට ඉඩ ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

කේප් ටවුන් සම්මුතිය පාර්ලිමේන්තුවට

ජංගම උපකරණවල ජාත්‍යන්තර හිමිකම් පිළිබඳ (කේප් ටවුන් සම්මුතිය) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවි තිබෙනවා. ජංගම උපකරණවල ජාත්‍යන්තර හිමිකම් පිළිබඳ (කේප් ටවුන්...

අරුන්දිකගෙන් පොලීසිය ප්‍රකාශයක් අරන්

රුපියල් ලක්ෂ 30ක මුදල් වංචාවක් පිළිබඳව ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන්  රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතාගෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඊයේ (09) පැය 5කට අධික...

බලශක්ති නියාමනයට අලුත් ආයතනයක්

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඛනිජතෙල්, ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, ද්‍රවීකෘත ස්වභාවික වායු සහ ලිහිසි තෙල් යන...

POPULAR ARTICLES

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නැයි එංගලන්තයේ දී විරෝධයක්

ශ්‍රී ලංකා එංගලන්ත තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ආරම්භයට පෙර ඕවල් ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අද (08) විරෝධතාවක් පවත්වා තිබෙනවා. එය සංවිධාන කර තිබුණේ,...

මහ බැංකුවෙන් සුබ ආරංචියක්

භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර තිබෙනවා. සාර්ව...

ශිෂ්‍යත්ව විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

පහ ශ්‍රේණිය 2024 ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් සියලුම උපකාරක පන්ති, දේශන හෝ වැඩමුළු සැප්තැම්බර් 11 මධ්‍යම රාත්‍රියේ සිට නතර කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව...