Breaking: කෙහෙළිය රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව මේ මස 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (02) අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අද (03) මාළිගාකන්ද අධිකරණය වෙත රැගෙනවිත් තිබූ අතර එහිදී මෙම නියෝගය නිකුත් කළා.