29 C
Colombo
Saturday, July 6, 2024

Breaking : ඇමතිලාගේ සුපුරුදු සෙල්ලම දාලා කෙහෙළිය බන්ධනාගාර රෝහලට

- Advertisement -

රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (02) අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අද (03) මාළිගාකන්ද අධිකරණය වෙත රැගෙනවිත් තිබූ අතර එහිදී මේ මස 15 වනදා තෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

බන්ධනාගාර ගතවන අමාත්‍යවරුන් මීට පෙර සිටම දඩුවමින් ගැලවීමට භාවිතා කරන නින්දිත ක්‍රියාමාර්ගය කෙහෙලිය රඹුක්වැල්ල මහතාද කිසිදු හිරිකිතයකින් තොරව ක්‍රියාවට නැංවීම සමාජ මාධ්‍ය තුළ දැඩිව විවේචනයට ලක්ව තිබෙනවා.

ඊයේ (03) අත්අඩංගුවට ගන්නා තුරුම සෞඛ්‍ය සම්පන්නව සිටි ඔහු හිටිහැටියෙ ඔත්පල වීම වෛද්‍යවරුන්ද අන්ද මන්ද කර ඇති බවට නොඅනුමානයි.

මේ ආකාරයෙන්ම ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබූ දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලට ඇතුළත්වී ජනාධිපති සමාව ලැබෙන තුරුම නේවාසිකව ප්‍රතිකාර ගනු ලැබූවා.

ඒ වන තෙක් නඩුව සඳහාද ගිලන් රථයෙන් හා රෝද පුටුවෙන් අධිකරණයට පැමිණි ඔහු ජනාධිපති සමාවත් සමඟ දේව හාස්කමකින් මෙන් එක්වරම සුවවී රෝද පුටුවෙන්ද නැගිට නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස වැඩභාර ගනු ලැබූවා.

අනතුරුව යළිත් ජනාධිපති සමාව අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති නඩුවෙන් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස ලැබුණු නියෝගයත් සමඟ ඔහු යළිත් ඔත්පල වී ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව වසරකටත් වැඩි කාලයක් පුරා ප්‍රතිකාර ලබමින් සිටිනවා.


RECENT ARTICLES - SINHALA

78 හැවිරිදි කාන්තාවක් දූෂණය කිරීමේ සිද්ධියකට පාසල් සිසුවෙක් අත්අඩංගුවට

බලන්ගොඩ නගරය ආශ්‍රිතව ඇති දොරවෙල ඔය ප්‍රදේශයේදී ඉකුත් 27වනදා 78 හැවිරිදි විවාහක කාන්තාවක දුෂණය කර අභිරහස් ලෙස ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල්...

සජිත්ට නාමල්ට තියෙන එකම සුදුසුකම තාත්තල ජනාධිපති වුණ එක – අනුර

සර්වජන බලය ලැබී බොහෝ කාලයක් ගත වුවද ලංකාව තුළ ලේ උරුමයෙන් දේශපාලන නායකයන් තෝරා ගැනීමේ ක්‍රමය වෙනස් වී නොමැති බව ජාතික ජන බලවේගයේ නායක...

දයාසිරි පොලීසි ගිහින්

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ  දයාසිරි ජයසේකර මහතා අද (06) මරදාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුළුවීමට බාධා කිරීම  සම්බන්ධයෙන්...

POPULAR ARTICLES

අපිට හැමෝම හොරා හොරා කියලා බනිනවා – නාමල්

තාක්ෂණය සමඟ බද්ධ වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් සහ රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම තුළින් වංචාව හා දූෂණය අවම කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පොහොට්ටුවේ...

රත්නපුර නගරය අඳුරු වෙයිද?

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...