24 C
Colombo
Tuesday, February 18, 2025

Breaking: නිලන්ත ජයවර්ධනව අනිවාර්ය නිවාඩු යවලා

- Advertisement -

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා අනිවාර්‍ය නිවාඩු යැවීමට ජාතික පොලිස් කොමිසම විසින් තීරණය කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිසම පවසන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ඔහුට එරෙහි විනය පරීක්ෂණ අවසන් වන තුරු මෙම නියෝගය ලබා ඇති බවයි.

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය වලක්වා නොගැනීමට වගකිය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්ද ඉදිරිපත් වුණා.

පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසට නිර්දේශ ලබාදී ඇති බවත්, පාස්කු ප්‍රහාරය ගැන පැවැති මූලික අයිතිවාසිකම් නඩුවල තීන්දුව ලබා දෙමින් මෙම ප්‍රහාරය වලක්වා නොගැනීමට නිලන්ත ජයවර්ධන වගකිව යුතු බවට තීන්දු කළ බවත් මෙම රිට් පෙත්සමේ සඳහන් වුණා.

RECENT ARTICLES - SINHALA

Breaking: සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2023(2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (17) රාත්‍රී නිකුත් කර තිබෙනවා. එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිඳු වෙඩ්...

අනුර IMF එකේ ප්‍රාණ ඇපකරුවෙක් වෙලා – සජිත්

රට අනුරට කියන ප්‍රතිපත්ති මාලාව තුළින් ලොකු කේක් ගෙඩියක් හදනවා කියා පොරොන්දු වුවද රට අනුරට නොව රට IMF එකට ගිය බවක් පෙනෙන්න තිබෙන බවත්...

අතුරුදහන් වු ගිනිඅවිය සොයා ගැනේ

ටී - 56 ගිනි අවියක් රැගෙන පළා ගිය ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයාගේ එම ගිනිඅවිය සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ බඩෝවිට ප්‍රදේශයේ ඉඩමක වළ...

POPULAR ARTICLES