26 C
Colombo
Saturday, March 29, 2025

Breaking : දේශබන්දුගේ නඩුවේ අනෙක් සැකකරුවන්ට ඇප

- Advertisement -

වැලිගම හෝටලයක් අසල සිදු වූ වෙඩි තැබීමට අදාළව සැකකරුවන් 6 දෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබෙනවා.

එහිදී අදාළ සැකකරුවන්ට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස  නියම කෙරුණා.

2023 දෙසැම්බර් 31 වැනිදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ පිහිටි හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිදුවීමට අදාළව ඔවුන් අද (21)  මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබුණා.

මේ අතර, මෙම වෙඩි තැබීමේදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය මස 27 වැනිදා අධිකරණය නියෝග කළා.

විවෘත වරෙන්තු ලැබ, දින 20ක කාලයක් සැගවී සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වුණා.

ඒ අනුව, ඔහුව ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියම කළා.

RECENT ARTICLES - SINHALA

නාඳුනන පුද්ගල මළසිරුරක් වෙරළ තීරයකින් හමුවෙයි

තොඩුවාව පොලිස් වසමේ කුඩාමඩුවැල්ල වෙරළ තීරයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා. තොඩුවාව පොලීසිය සඳහන් කළේ ඊයේ (28) සවස් කාලයේදී පොලිස් ස්ථානයට ලද...

ට්‍රාන්ස්ෆෝමරවල තඹ කම්බි කැපූ අයෙක් අත්අඩංගුවට

අධි බලැති විදුලි ධාරිතාවයකින් යුතු (33000) ට්‍රාන්ස්ෆෝමරයක සිට භූමියට සම්බන්ධ තඹ කම්බියක් කපමින් සිටි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද (29) අලුයම්...

අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

අද (29) පස්වරු 2න් පමණ පසුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව...

POPULAR ARTICLES

නාඳුනන පුද්ගල මළසිරුරක් වෙරළ තීරයකින් හමුවෙයි

තොඩුවාව පොලිස් වසමේ කුඩාමඩුවැල්ල වෙරළ තීරයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා. තොඩුවාව පොලීසිය සඳහන් කළේ ඊයේ (28) සවස් කාලයේදී පොලිස් ස්ථානයට ලද...

මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන තවත් ඉහළට

මධ්‍යම මියන්මාරයේ ඊයේ (28) ඇති වූ ප්‍රභල භූමිකම්පාවෙන් එරටේ මෙන්ම අසල්වැසි තායිලන්තයේ මියගිය සංඛ්‍යාව 150කට අධික බව වාර්තා වනවා. විදෙස් වාර්තා සඳහන් කර සිටියේ...