Breaking: බස්නාහිර පළාතටම පොලිස් ඇඳිරි නීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතටම පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. නැවත දැනුම්දෙන තුරු එලෙස පොලිස් ඇඳිරිනීතිය පනවා ඇති බව පොලීසිය පවසනවා. මීට පෙර දකුණු කොළඹ, මැද කොළඹ සහ උතුරු කොළඹට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබූ අතර මේ වන විට එය මුළු බස්නාහිර පළාතටම ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබෙනවා.