27.4 C
Colombo
Thursday, December 12, 2024

Breaking : රනිල්ගේ නිර්දේශයක් ආයෙත් විසිවෙලා

- Advertisement -

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත්කිරීම සඳහා එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ නිර්දේශයක් ප්‍රතික්ෂේප කිරීමට නීතිඥවරයෙකු විසින් ගොනුකෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් රුපියල් ලක්ෂ 20ක නඩු ගාස්තුකට යටත්ව නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව ගනු ලැබූ තීරණය තුළින් මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වී නොමැති වීම හේතුවෙන් මෙම නඩු විභාගය නිෂ්ප්‍රභ කළා.

ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි මෙම තීන්දුව ලබා දුන්නේ.

අදාළ විනිසුරු පත්කිරීම ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ගනු ලැබූ තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු වූ එස්.එම්.පතිරත්න මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දුන්නා.

ඒ අනුව,වගඋත්තරකරුවන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් වන ප්‍රතාප් රාමනූජන්, දිල්රුක්ෂි අනුලා විජේසුන්දර සහ දිනේෂා සමරරත්න යන අයට රුපියල් ලක්ෂ පහ බැගිනුත්, ශ්‍රේෂ්ඨාධිකරණයට ලක්ෂ පහකුත් ලෙස ලක්ෂ 20ක මුදලක් ගෙවිය යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සඳහන් කළේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් නම් කිරීම සඳහා එවක ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නිර්දේශයක් ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාදායක සභාවේ බහුතර සාමාජිකයින් විසින් ගනු ලැබූ තීන්දුව  ව්‍යවස්ථාවට අනුකූල බවයි.

යම් විනිසුරුවරයෙකු ඊළඟ තනතුරට උසස් කිරීමේදී ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවට බලයක් තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වනවා. 

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාගේ නාම යෝජනාව සලකා බැලීමේදී අභියාචනාධිකරණය හමුවේ විභාග වූ 308/23 සහ 377/23 යන රිට් පෙත්සම්වල සඳහන් වූ කරුණු ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේ සැලකිල්ලට භාජනය වී තිබෙන බව පෙනී යන්නේ යැයි ද තීන්දුවේ ප්‍රකාශ කර තිබෙනවා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ද සහභාගී වූ එම නඩුකරය පිළිබඳ විභාගයේදී එහි පෙත්සම්කාර පාර්ශවයට වාසිදායක ලෙස එම නඩු විභාගය පවත්වා තිබෙන බව පෙනී යන බව විනිසුරු සූරසේන මහතා සිය තීන්දුවේ සඳහන් කර සිටියා.

එසේම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ දී සඳහන් කළ කරුණු ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සැලකිල්ලට භාජනය වී තිබෙන බවත් තීන්දුවේ සඳහන්.

මහජන සුභ සාධනය උදෙසා මෙම නඩුකරය ඉදිරිපත් කළ බව පෙත්සම්කරු විසින් ප්‍රකාශ කළත් ඒ තුළ එවැනි තත්ත්වයක් ගම්‍ය නොවන අතර එය යටි අරමුණකින් යුක්තව ඉදිරිපත් කළ නඩුකරයක් බව පෙනී යන්නේ යැයි ද විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා සඳහන් කළා.

මෙම නඩුකරය සද්භාවයකින් යුතුව ඉදිරිපත් කළ නඩුකරයක් නොවන අතර එය මහජන යහපතට අදාළ වන බවත් තීන්දුවේ සඳහන් කර තිබුණා. 

ඒ අනුව අදාල පෙත්සමේ වගඋත්තරකරුවන් විසින් කිසිදු ආකාරයකින් පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර නොමැති බවත් ඒ අනුව අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළා.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ හිටපු සාමාජිකයින්ට පෙත්සම්කරු විසින් රුපියල් ලක්ෂ 05 ක් බැගින් නඩු ගාස්තු ගෙවිය යුතු බවත් මෙම තීන්දුවේ සඳහන් වනවා.

ඊට අමතරව පෙත්සම්කරු විසින් තවත් ලක්ෂ 05 ක නඩු ගාස්තුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී කාර්යාලයේ තැන්පත් කළ යුතු බවත් නියෝග කළ ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම සියලු ගෙවීම් අද දින සිට මාස දෙකක් තුළ ගෙවා අවසන් කළ යුතු බවටත් නියෝග කර සිටියා.  

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ඉකුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සභාපති හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, එහි සාමාජිකයින් වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, සාගර කාරියවසම්,  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කබීර් හෂිම් ඇතුළු 14 දෙනකු නම්කර තිබුණා.

පෙත්සම්කාර නීතිඥවරයා කියා සිටියේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් උසස් කිරීම සඳහා එවක ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණය නීතියට පටහැනි බවත් ඒ තුළින් අධිකරණ ස්වාධීනත්වය උල්ලංඝනය වීමක් සිදුවන බවයි.  

RECENT ARTICLES - SINHALA

විදෙස් රැකියා ඒජන්සියක යකා නැටූ පුද්ගලයෙක් අත්අඩංගුවට

කුරුණෑගල විදේශ රැකියා ඒජන්සියකට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයකු ඒජන්සි හිමිකරුගේ ගෙල කපා එහි සේවිකාවකට පහරදී තිබෙනවා. අනතුරුව සැකකරු සියදිවි හානි කර ගැනීමට තැත් කිරීමේදී අත්අඩංගුවට...

කතානායකට එරෙහි විශ්වාසභංගයක් ආවොත් ආණ්ඩුවේ තීරණය මෙන්න

කථානායක අසෝක රන්වල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් ඊට අත්වන ඉරණම කෙරෙහි දෙවරක් සිතිය යුතු බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා...

කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක්

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ නවතම මංසළකුණක් සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට අද (12) දිනයේ දී ඒකක 14,000...

POPULAR ARTICLES

විදෙස් රැකියා ඒජන්සියක යකා නැටූ පුද්ගලයෙක් අත්අඩංගුවට

කුරුණෑගල විදේශ රැකියා ඒජන්සියකට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයකු ඒජන්සි හිමිකරුගේ ගෙල කපා එහි සේවිකාවකට පහරදී තිබෙනවා. අනතුරුව සැකකරු සියදිවි හානි කර ගැනීමට තැත් කිරීමේදී අත්අඩංගුවට...

කතානායකට එරෙහි විශ්වාසභංගයක් ආවොත් ආණ්ඩුවේ තීරණය මෙන්න

කථානායක අසෝක රන්වල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් ඊට අත්වන ඉරණම කෙරෙහි දෙවරක් සිතිය යුතු බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා...

කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක්

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ නවතම මංසළකුණක් සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට අද (12) දිනයේ දී ඒකක 14,000...