ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යධුරයෙන් සහ වාරිමාර්ග අමාත්‍යධුරයෙන් අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඉවත් කර තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් ලිපියක් මඟින් අමාත්‍ය රොෂාන් රණසිංහට මෙය බව දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර, ක්‍රිකට් සම්බන්ධයෙන් පවතින දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව අනාවරණය කිරීමත් සමඟ මතුව ඇති තත්වය සමඟ තමන්ගේ ජීවිතය අහිමි වුවහොත් එයට ජනාධිපතිවරයා සහ සාගල රත්නායක මහතා වගකිව යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද ප්‍රකාශ කළා.
අද (27) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා පවසා සිටියේ, තමාගේ ජීවිතය පිළිබඳ අද වනවිට අවිනිශ්චිත තත්ත්වකට මුහුණ දී ඇති බවයි.