28 C
Colombo
Thursday, November 7, 2024

Breaking: සාෆි සියලු චෝදනාවලින් නිදහස්

- Advertisement -

විශේෂඥ වෛද්‍ය සාෆී ශාබ්දීන් සියලු චෝදනා වලින් නිදහස් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කර තිබෙනවා .

2019 ජනාධිපතිවරණ සමයේදී මව්වරුන් 1,000ක් පමණ වඳභාවයට පත්කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වුණා.

ඒ සම්බන්ධයෙන් 2019 වසරේ මැයි 24 වෙනිදා කුරුණෑගල එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් වෛද්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.

වසර පහකටත් අධික කාලයක් ඔහු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට උද්ධෘත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපතිවරයා වෙත යොමු කර තිබූ අතර ඒ අනුව ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට සාක්ෂි නොමැති බව නීතිපතිවරයා දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, වෛද්‍ය සාෆිට එරෙහිව ඉදිරි පියවර ගැනීමට බලාපොරොත්තු නොවන බව නීතිපතිවරයා විසින් අධිකරණයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණවලින්අනාවරණය වී තිබුණේ වෛද්‍ය සාෆි වඳබාවයට පත් කළැයි සැක කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කළ මව්වරුන් 130කට ආසන්න පිරිසකට නැවත දරුවන් පිළිසිඳගෙන ඇති බවයි.

එසේම පැලෝපීය නාල අවහිර කර ඇති දැයි තහවුරුකර ගැනීමට අදාළ පරීක්ෂණ සිදුකරවා ගැනීමට මව්වරුන් දෙදෙනකු අවස්ථා දෙකකදී ඉදිරිපත් වූ අතර එම පරීක්ෂණවලට අනුව ඔවුන් දෙදෙනාගේ පැලෝපීය නාල අවහිර වී නොමැති බව අනාවරණය වී තිබෙනවා.

2019 මැයි මස 24 වැනිදා කුරුණෑගල මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුව ඔහු වැඩිදුර විමර්ශන සඳහා එවකට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ නියමයෙන්අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කෙරුණා.

ඒ අනුව, මාසයක පමණ කාලයක් ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගනිමින් විමර්ශන සිදු කළා.

එලෙස විමර්ශන  සිදු කිරීමෙන් පසු එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් දැනුම් දුන්නේ වෛද්‍ය සාෆි මහතාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවත්වාගෙන යෑමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති හෙයින් ඔහු එම චෝදනාවලින් මුදා හැර දණ්ඩ නීති සංග්‍රහය යටතේ වන වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කරන බවයි.

මෙම විමර්ශනය සිදු කිරීමේදී ඊට බාධා කරමින් තර්ජනය කළ බවට නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ , සහකාර පොලිස් අධිකාරී බී.එස්.තිසේරා ඇතුළු නිලධාරීන් අතුරලියේ රතන හිමි සහ කුරුණෑගල රෝහලේ එවකට නියෝජ්‍ය අධ්‍යක්ෂ කැඳන්ගමුව යන අයට එරෙහිව මීට පෙර පැමිණිලි කරනු ලැබුවා.

එසේම එම නඩුවට අදාළව කුරුණෑගල එවකට මහේස්ත්‍රාත්වරයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

අලි ඇතුන් නඩුව සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝග‍යක්

ලියාපදිංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධීන්වලට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය...

ලෝකයේ වැඩිම ආකර්ෂණීය දූපත

2024 වසරේ Wanderlust Reader Travel Awards තරගාවලියේ දී ලෝකයේ වැඩිම ආකර්ෂණීය දූපත (Most Desirable Island) ලෙස ශ්‍රී ලංකාව රන් පදක්කම දිනාගැනීමට සමත් වී තිබෙනවා. එහිදී...

කොළඹ අඳුරු වෙලා

කොළඹ ඇතුලූ‍ දිවයිනේ නගර බොහෝමයක වායු ගුණ තත්ත්ව දර්ශකය සුලු වශයෙන් අහිතකර මට්ටම වෙත ලගා වී තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ ඒ හේතුවෙන්...

POPULAR ARTICLES