30 C
Colombo
Tuesday, September 10, 2024

Breaking: ගෝඨාගේ තවත් මොට්ට වැඩකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

- Advertisement -

UPdate: 12.40 PM

ඒ අනුව පෙත්සම්කරුවන්ට රුපියල් 150,000 ක් බැගින් නඩු ගාස්තු ගෙවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කළා.

තමන්ට එරෙහිව අදාළ කොමිසම විසින් නිකුත් කළ නිර්දේශ සහ සොයා ගැනීම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක, හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා, ආනන්ද විජේපාල, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරුවන් අදාළ පෙත්සම් මගින් චෝදනා කර තිබුණේ තමන්ගෙන් කරුණු විමසීමකින් තොරව තමන්ට අගතිදායක ලෙස නිර්දේශ සහ සොයා ගැනීම් නිකුත් කිරීමට අදාළ කොමිසම ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවයි.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ට එරෙහිව අදාළ කොමිසම විසින් සිදු කරනු ලැබූ නිර්දේශ සහ සොයා ගැනීම් බලරහිත බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල වගඋත්තරකාර කොමිසමේ සාමාජිකයින් විසින් පෙත්සම්කරුවන්ට එරෙහිව නිකුත් කරනු ලැබූ නිර්දේශවලින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව සඳහන් කළා.

ඒ අනුව කොමිසම විසින් පෙත්සම්කරුවන්ට එරෙහිව නිකුත් කරනු ලැබූ නිර්දේශ සහ සොයා ගැනීම් බලරහිත බවට තීන්දු කරන බවත් විනිසුරු මඩුල්ල විසින් නිකුත් කළ තීන්දුවේ සඳහන්.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අදාළ කොමිසමේ  සභාපති හා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු උපාලි අබේරත්න, එහි සාමාජිකයින් වන චන්ද්‍රා ජයතිලක, චන්ද්‍රා ප්‍රනාන්දු ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබුණා.

……………………………………………………………………………………………………..

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහ​තා විසින්, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ ප්‍රධානත්වයෙන් පත් කළ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබලා නිර්දේශ ලබා දීමට පත්කළ ජනාධිප​ති විමර්ශන කොමිසමේ නිර්දේශ බලරහිත කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කර තිබෙනවා.

දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතීත්වයෙන් යුතුව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා​ව 2020 ජනවාරි මාසයේදී එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරනු ලැබුවා.


RECENT ARTICLES - SINHALA

කේප් ටවුන් සම්මුතිය පාර්ලිමේන්තුවට

ජංගම උපකරණවල ජාත්‍යන්තර හිමිකම් පිළිබඳ (කේප් ටවුන් සම්මුතිය) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවි තිබෙනවා. ජංගම උපකරණවල ජාත්‍යන්තර හිමිකම් පිළිබඳ (කේප් ටවුන්...

අරුන්දිකගෙන් පොලීසිය ප්‍රකාශයක් අරන්

රුපියල් ලක්ෂ 30ක මුදල් වංචාවක් පිළිබඳව ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන්  රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතාගෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඊයේ (09) පැය 5කට අධික...

බලශක්ති නියාමනයට අලුත් ආයතනයක්

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඛනිජතෙල්, ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, ද්‍රවීකෘත ස්වභාවික වායු සහ ලිහිසි තෙල් යන...

POPULAR ARTICLES

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නැයි එංගලන්තයේ දී විරෝධයක්

ශ්‍රී ලංකා එංගලන්ත තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ආරම්භයට පෙර ඕවල් ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අද (08) විරෝධතාවක් පවත්වා තිබෙනවා. එය සංවිධාන කර තිබුණේ,...

මහ බැංකුවෙන් සුබ ආරංචියක්

භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර තිබෙනවා. සාර්ව...

ශිෂ්‍යත්ව විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

පහ ශ්‍රේණිය 2024 ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් සියලුම උපකාරක පන්ති, දේශන හෝ වැඩමුළු සැප්තැම්බර් 11 මධ්‍යම රාත්‍රියේ සිට නතර කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව...