27 C
Colombo
Thursday, September 19, 2024

Breaking: තලතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් අස්වෙලා

- Advertisement -

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්‍ත්‍රිනී, නීතිඥ තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී තිබෙනවා.

ඇය විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද සමගි ජන බලවේගය පක්ෂයෙන් ද ඉවත් වන බවයි.

එක්සත් ජාතික පක්ෂය කඳවුරු දෙකකට බෙදිලා කටයුතු කිරීම තමාගේ හෘද සාක්ෂිය අනුව කටයුතු කිරීමේ දැඩි අපහසුතාවයට පත් වන බව ඇය මෙහිදි පවසා සිටියා.

2020 වන විට එක්සත් ජාතික පක්ෂයෙ නායකත්වය වෙනස් විය යුතු බවට නිහඩ යෝජනාව සමගි ජනබලවේගය නිර්මාණය කරමින් අප කටයුතු කල නමුත් අනාගතය ගැන නොසිතා අප ගත් තීන්දු නිසා දැවැන්ත පක්ෂයක් දෙකට වීමට අවස්ථාව සැලසු බව ඇය තවදුරටත් පැවසුවා.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානියෙක් වූ ගාමිණී අතුකෝරල මහතාගේ නැගණිය වන තලතා අතුකෝරල මහත්මිය, ගාමිණි අතුකෝරලගේ මහතා අභවප්‍රාප්ත වු පසු දේශපාලනයට පිවිසියා.

ඒ අනුව ඇය 2004 වසරේදී පළමුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

එසේම 2010, 2015 සහ 2020 මහ මැතිවරණවලදී ඇය රත්නපුර දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූවා.

2020 වසරේදී ඇය රත්නපුර දිස්ත්රිකයෙන් මනාප 45,105ක් ලබාගනිමින් සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

RECENT ARTICLES - SINHALA

පහේ ශිෂ්‍යත්ව අවුල

ආන්දෝලනයට තුඩු දී ඇති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවී ඇති බවට තහවුරු වුවහොත් විභාගය යළි පැවැත්වීමට වුවද පසුබට නොවන බව විභාග කොමසාරිස්...

කොහුවල වෙඩි තැබීමක්.අයෙක් මරුට

කොහුවල පොලිස් වසමේ සරණංකර පාර, ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ සිටි පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා. තුවාලකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර මෙලෙස මියගොස්...

ඡන්ද කාඩ්පත ඔන්ලයින් ගන්නේ මෙහෙම

නිල ඡන්ද දැන්වීම් පතක් නොලැබුණු ඡන්ද හිමියන්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ පිටපතක් මාර්ගගත ක්‍රමයට ලබා ගැනීමට පහසුකම් සපයා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක්...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...