27 C
Colombo
Wednesday, October 23, 2024

Breaking: දේශබන්දු වෙනුවෙන් හිමිවරු පිරිසක් ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

- Advertisement -

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ රාජකාරි කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අතරමැදි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම අතරමැදි පෙත්සම අද යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නියෝගය ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා මෙම අතරමැදි පෙත්සමේ අන්තර්ගත කරුණුවලින් බැලූ බැල්මටම නඩුකරයක් අනාවරණය නොවන හෙයින් එය නිෂ්ප්‍රභ කරන බව දැනුම්දී තිබෙනවා.

පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි සහ කොටපිටියේ රාහුල හිමියන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.


RECENT ARTICLES - SINHALA

Onmax DT ගැන අධිකරණයෙන් නියෝගයක්

ජනතා මුදල් කෝටි ගණනින් වංචා කළේ යැයි කියන Onmax DT  නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන තෙක් බලා නොසිට...

සියලු සංචාරකයින්ගේ ආරක්ෂාව සහතිකයි – ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය

එළඹෙන සංචාරක සමයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ලොව පුරා සිටින සංචාරකයින්ට ආරාධනා කරන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. එම නිවේදනයේ...

ආරුගම්බේ ආරක්ෂාව ගැන වැඩබලන පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ආරුගම්බේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. එහිදී ඔහු සඳහන් කළේ, මෙරට සිටින සියලුම විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත්...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

Breaking : නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධියි – ශ්‍රේෂ්ඨාධිකරණය

මහ මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් පරරාජසිංගම් උදයරාසාගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියෝග කළා. ඒ අනුව නාම...