ලබන 15 වැනිදා සිට ආනයනික කිරිපිටි කිලෝග්රෑම් එකක මිල රුපියල් 200කින් පහළ දමන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.
මේ අතර කිරිපිටි මිල අඩු කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බව කිරිපිටි ආනයනයකරුවන් පවසනවා.
ආනයනයකරුවන් පවසන්නේ බලධාරීන් සමඟ සාකච්ඡා පැවැතියත් මිල ගණන් අඩු කරන ගණන හෝ දින වකවානු සම්බන්ධයෙන් අවසන් තීරණයකට නොපැමිණි බවයි.
ලබන සඳුදා වන විට මිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයකට එළැඹෙන බවයි ඔවුන් පෙන්වා දුන්නේ.