30 C
Colombo
Thursday, November 21, 2024

Breaking: නව පාර්ලිමේන්තුවේ කතානායක මෙන්න

- Advertisement -


නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා නිතරඟයෙන් තේරී පත්වුණා.

10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (21) උදෑසන 10ට ආරම්භ වුණා.

එහිදී, පළමුව සිදු කෙරුණේ කතානායකවරයා තෝරා පත් කරගැනීමයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රංවල මහතාගේ නම යෝජනා කළ අතර, අමාත්‍ය විජිත හේරත් මහතා එය ස්ථීර කළා.

ඒ අනුව ඒකමතික යෝජනා ස්ථීරත්වයෙන් අශෝක රංවල මහතා කථානායකවරයා ලෙස නම් කෙරුණා.

අශෝක රංවල මහතා 2024 මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු වරම් ලැබූ මන්ත්‍රීවරයෙක්.

ඔහු ලබාගත් මනාප ගණන 109,332ක්.

මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධිය හිමිකරගෙන ඇති ඔහු රසායනික ඉංජිනේරුවරයෙක්. 

කතානායකවරයා තෝරා පත් කරගැනීමෙන් අනතුරුව කතානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, මන්ත්‍රීවරුන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, නියෝජ්‍ය කතානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත් කරගැනීම සිදු කෙරෙනවා.

RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තුව යළි රැස්වන දිනය මෙන්න

2024 දෙසැම්බර් මස 03 වන දින පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව යළි කැඳවීම නියමිත බව ජනාධිපතිවරයා අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා...

විදෙස් දුරකතන ඇමතුම් ඔස්සේ සිදුවන අපරාධවල ඉහළ යෑමක්

විදෙස් දුරකතන ඇමතුම් ඔස්සේ සිදුවන අපරාධ පිළිබඳ පැමිණිලි ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. මුදල් වංචා කිරීම් මූලික...

පොලිස් නිලධාරීන් දෙදෙනෙක් දුම්වැටි 2 ක් නිසා අත්අඩංගුවට

ජීප් රථ රියදුරෙකුගෙන් බලහත්කාරයෙන් රුපියල් 600 ක් වටිනා රෝල්ස් 2 ක්, ප්ලේන්ටි 2 ක් හා දුම්වැටි 2 ක් ලබාගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්...

POPULAR ARTICLES