27.5 C
Colombo
Wednesday, October 23, 2024

Breaking: ජොන්ස්ටන් ට වරෙන්තු

- Advertisement -

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරී වලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවක විත්තිකරුවකු වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු අද (23) දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී නඩුවේ සෙසු විත්තිකරුවන් දෙදෙනා අධිකරණයේ පෙනී සිටියද පළමු වන විත්තිකරු වශයෙන් නම්කර සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අභියාචනාදීකරණය හමුවේ ගොනුකර තිබෙන රිට් නඩුකරයකට අදාළව ඊයේ දින ලබාදුන් ප්‍රතිඥාවකට අනුව, තම සේවා දායකයා අද දින ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තිබෙන බව සඳහන් කළා.

එම ප්‍රකාශය කෙරෙහි දැඩි දෝෂාරෝපණ එල්ල කළ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විත්තිකරු නඩුවට නොපැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදීමට යන්නේ කෙසේදැයි ප්‍රශ්න කළා.

විත්තිකරු නඩුවට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත්, ඔහු අධිකරණය හමුවට පැමිණීම වළක්වාලමින් කිසිදු ආකාරයක නියෝගයක් අභියාචනාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර නොමැති බව පෙනී යන බවත්, විනිසුරුවරයා පැවසුවා.

මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ විත්තිකරුට වරෙන්තුවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව අධිකරණය හමුවට නොපැමිණීම සම්බන්ධයෙන් විත්තිකරු ඉදිරිපත් කරන කරුණු පිළිගත නොහැකි බැවින් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විනිසුරුවරයා වරෙන්තු නිකුත් කළා.

ඉන් අනතුරුව නඩුව ජනවාරි මස 27 වනදා කැඳවීමට නියෝග කළ විනිසුරුවරයා එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අවවාද කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

හරක්කටාගේ නඩුව කැඳවද්දී විනිසුරු තීන්දුවෙන් මාධ්‍යවේදීන් එළියට දාලා

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකු මෙන් ම පාතාල කල්ලි නායකයකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තා ඇතුළු තිදෙනෙකු සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව...

නෙරොච්චෝල බලාගාරයට උඩින් ඩ්‍රෝනයක් යවලා

නොරෝච්චෝල ලක්විජය බලාගාරය උඩින් පියාසර කරමින් තිබූ ඩ්‍රෝන කැමරාවක් බලාගාර භූමියට කඩා වැටීමත් සමග ගුවන් හමුදාව හා අනිකුත් ආරක්ෂක අංශ එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ...

මීටපස්සෙ සහන මිලට බංගලා දෙන්නෙ නැහැ – ඇමති විජිත

ජයේ පාලනය යටතේ පවතින වන ජීවී බංගලා මින් ඉදිරියට අමාත්‍යවරුන්ට ඔවුන්ගේ සමීප ඥාතීන්ට හා අමාත්‍යාංශ නිලධාරීන්ට සහන මිලට ලබා නොදෙන බව ජනමාධ්‍ය අමාත්‍ය විජිත...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

Breaking : නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධියි – ශ්‍රේෂ්ඨාධිකරණය

මහ මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් පරරාජසිංගම් උදයරාසාගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියෝග කළා. ඒ අනුව නාම...