30 C
Colombo
Sunday, January 26, 2025

Breaking: යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

- Advertisement -

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පැවසුවා.

2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට වැටෙන වැරදි යෝෂිත රාජපක්ෂ විසින් සිදුකර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට නීතිපතිවරයා විසින් දන්වා සිටීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

ඒ අනුව යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය පනත ප්‍රකාරව ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.

කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතා පසුගිය ජනවාරි 3වනදා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණා.

RECENT ARTICLES - SINHALA

ඕමන්තේදී දුම්රියක් පීළි පැනලා

යාපනයේ සිට කොළඹ කොටුව බලා පැමිණෙමින් තිබූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක් ඕමන්තේ දුම්රිය ස්ථානය අසලදී පීළීපැන තිබෙනවා. අද (26) පස්වරු 4ට පමණ මෙම දුම්රියේ එක් මැදිරියක්...

විදේශිකයන් දෙදෙනෙකු සමඟ ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

කොළඹ සිට නුවරඑලිය දක්වා ගමන්ගත් ත්‍රිරෝද රථයක් අනතුරකට ලක්වීමෙන් එම රථයේ ගමන්ගත් විදේශිකයන් දෙදෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති තිබෙනවා. මෙම...

ගාල්ල බන්ධනාගාරයේ දෙපිරිසක් අතර ගැටුමක්

ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා පවසා සිටියේ, බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම ඇතිව තිබෙන...

POPULAR ARTICLES