මාධ්‍යවේදී සහ ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් පෙබරවාරි 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා ඊයේ (11) නියෝග කළා.
ඒ රුපියල් බිලියන 1.43 ක වංචාවක් සම්බන්ධයෙන්.
2019 මාර්තු මාසයේදී ව්‍යාපාරික චන්ද්‍රා ෂාෆ්ටර් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව බ්‍රයන් තෝමස් මහතාව ඊයේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූවා.
අදාල පැමිණිල්ලෙන් ෂාෆ්ටර් චෝදනා කරන්නේ ඇඟලුම් සමාගමක තැරැව්කරුවකු ලෙස පෙනී සිටිමින් තෝමස් මහතා රුපියල් බිලියන 1.43 ක මුදලක් වංචා කර ඇති බවයි.