24.8 C
Colombo
Tuesday, January 14, 2025

මහින්ද ගිය සුපිරි ජෙට් යානය ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශනයක්

- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ තිරුමලේ තිරුපති කෝවිලට ගිය පෞද්ගලික සංචාරයත්, ඒ සඳහා ජෙට් යානයක් ‘ත්‍යාග’ විදියට ලබා ගනිමින් අල්ලස් පනත කඩකරමින් අල්ලසක් ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කිරීමත් යන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට අල්ලස් කොමිසම තීන්දු කර ඇති බව වාර්තා වනවා.

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා විසින් 2021 දෙසැම්බර් 31 වැනිදා සිදු කළ පැමිණිල්ලක් (අංක බීසී/ 181/ 2022 ) මත අල්ලස් කොමිසම විසින් අදාල විමර්ශනය සිදු කරන අතර ඒ අනුව අදාල විමර්ශනය පිළිබඳව දැනුම් දෙමින් අල්ලස් කොමිසමේ ලේකම් අප්සරා කල්දේරාගේ අත්සනින් යුතුව 2022 පෙබරවාරි 02 දිනැතිව අල්ලස් කොමිසම තරිඳු උඩුවරගෙදර මහතා වෙත ලිඛිතව දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

අදාල ජෙට් යානයේ ගමන් කිරීම සම්බන්ධ තොරතුර ප්‍රසිද්ධ වීමෙන් පසුව එය ‘නම කියන්න බැරි හිතවතෙක්’ දුන් ත්‍යාගයක් යැයි අග්‍රාමාතත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත දැනුම් දෙනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

පාසල් සිසුවිය පැහැරගත් තරුණයින් අධිකරණයට 

දවුලගලදී රුපියල් 50ක කප්පම් මුදලක් ඉල්ලා පාසල් සිසුවියක පැහැර ගැනීමේ සිදුවීමට සම්බන්ධ සියලු සැකකරුවන් අද (14) ගම්පොල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එහිදී මහෙස්ත්‍රාත්...

ගල් ඔය සුදුවැල්ල ගම්මානයේ පුද්ගලයින් 100ක් ඉවතට

ගල්ඔය සුදුවැල්ල ගම්මානයේ පවුල් 100 ක් ආරක්ෂිත ස්ථානයක් වෙත ඉවත් කළ බව අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා පවසනවා. ඔහු සඳහන් කළේ, අදාළ පිරිස ප්‍රදේශයේ...

රතු හාල් හිඟයට හේතුව මෙන්න

වෙළඳපොළේ පවතින රතු සහල් හිඟය පිළිබඳව වෙළඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා ඒ අනුව ඔහු පැවසුවේ පසුගිය රජයන්...

POPULAR ARTICLES

වමට සිග්නල් දාලා දකුණ​ට හැරෙන්න එපා – රවී

වත්මන් ආණ්ඩුව ගමන් කරන්නේ මීට පෙර ආණ්ඩු ගමන් කළ මාර්ගයෙහිම බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා. අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන්...