27.7 C
Colombo
Wednesday, December 4, 2024

පාලම් පාරුව පැදවූ අය අත්අඩංගුවට

- Advertisement -

කින්නියා, කුරන්ජන්කර්නි කලපුව හරහා මගී ප්‍රවාහනය පාරුවක් පෙරලීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් පෞද්ගලික පාලම් පාරුවේ හිමිකරු සහ ක්‍රියාකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

කැඩුණු පාලමක් ඉදිකිරීම ප්‍රමාදවීම නිසා භාවිත කළ පාලම් පාරුවක් පෙරළීයාමෙන් පාසල් දරුවන් සිව් දෙනක් ඇතුළු 6 දෙනෙක් ඊයේ (23) කින්නියා කළපුවට බිලි විය.

අනතුරෙන් පාසල් දරුවන් ඇතුළු 20 දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් කින්නියා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

උදෑසන 7.00ට පමණ අනතුර සිදුව තිබූ අතර අනතුර සිදුවන අවස්ථාවේ එහි පාසල් දරුවන් ඇතුළු 25 ත් 30 ත් අතර පිරිසක් ගමන් කරමින් සිට තිබිණ.

සිද්ධිය දුටුවන් වහා ක්‍රියාත්මක වී වතුරට පැන දරුවන් 7 දෙනෙකු බේරගෙන කින්නියා රෝහලට ඇතුළත් කර තිබිණ.

මියගිය හය දෙනාගෙන් සිව් දෙනෙකු ම පාසල් දරුවන් ය.

1977 හදපු කින්නියා කුරිඤ්ඤන්කර්නි කළපුවෙ පාලම කැඩී ගොස් තිබුණේ, මීට අවුරුදු 6 කට පෙරදී ය.

මේ අතර, කින්නියා පාරු අනතුරේ වගකීම රජය සතු නොවන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසනවා.

කින්නියා, කුරන්ජන්කර්නි කලපුව හරහා මගී ප්‍රවාහනය සඳහා පාරුවක් භාවිතා කිරීමට අවසරය ලබා දී ඇත්තේ සමගි ජන බලවේගය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහය දක්වන කින්නියා නගර සභාව මගින් බවයි ඔහු පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

නිධන් හාරන්න උසාවි නියෝග දුන්නේ නැහැ – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

වේයන්ගොඩ අධිවේගී මාර්ගය ආසන්නයේ ප්‍රදේශයක පසුගියදා දැඩි ආන්දෝලනයකට තුඩුදුන් නිධන් ගොඩගැනීම නඩු තීන්දුව සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඩී. තුසිත මෙන්ඩිස් මහතා විශේෂ මාධ්‍ය හමුවක්...

නඩුවකින් හිරුණිකා නිදහස්

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක විභාගය අවසන් කළ අභියාචනාධිකරණය ඇයව එම චෝදනාවලින් නිදහස්...

බාර් පර්මිට් ගත්ත අයගේ ලැයිස්තුව අද එළියට

පසුගිය ආණ්ඩුවෙන් තැබෑරුම් සඳහා බලපත්‍ර ලබාගත් අයගේ නම් ලැයිස්තුව අද (04) පස්වරුවේ සභාගත කරන බවට ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඔහු මේ බව...

POPULAR ARTICLES