25 C
Colombo
Monday, March 17, 2025

උද්දිකගේ නාටකයේ ASP ගේන්න උසාවියේ පිහිට පතයි

- Advertisement -

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව චෝදනා ලබා සිටින සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට පොලිසිය කටයුතු කරන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබඳව විමර්ශන පැවැත්වෙන අතරතුරදී සහකාර පොලිස් අධිකාරීවරයා කටුනායක ගුවන්තොටුපළේදී සිය ගිනි අවිය වෙනත් පුද්ගලයෙකුට භාරදී ඉකුත් 12 වැනිදා විදේශගත වී ඇති බවටයි මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මන්ත්‍රීවරයා සහකාර පොලිස් අධිකාරීවරයා සමඟ එක්ව සැලසුම් සහගතව එම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබෙනවා.

මේ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්නගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කටයුතු කරගෙන යන බවද වාර්තා වනවා.

උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ වාහනයට එම වෙඩි ප්‍රහාරය සිදුවූයේ 2023 වර්ෂයේ සැප්තැම්බර් 17 වැනිදායි.

අනුරාධපුරයේ පිහිටි ඔහුගේ නිවසට පැමිණ ටික වේලාවකින් අනතුරුව අනතුරුව නාඳුනන තුවක්කුකරුවන් ඔහුගේ මෝටර් රථයට වෙඩි තබා ඇති බවට තොරතුරු වාර්තා වුණා.

එම වෙඩි ප්‍රහාරයෙන් මෝටර් රථයේ පැති වීදුරුවට අලාභ හානි සිදු වූ නමුත් මන්ත්‍රීවරයාට කිසිදු හානියක් සිදු වුයේ නැහැ.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා පසුගිය පෙබරවාරි මස 27 වැනිදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වු අතර පසුව ඔහුද විදේශගත වුණා.


RECENT ARTICLES - SINHALA

කෝච්චි ප්‍රමාදයක්

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දෙපාර්තමේන්තුව පැවසුවා. කාර්මික දෝෂයට...

පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අද සිට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වනවා. මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා...

නැංගුරම් ලා තිබූ බෝට්ටු 02ක් ගිනි අරන්

දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ සිට මීටර් 200 ක් දුරින් නැංගුරම් ලා තිබූ බහුදින බෝට්ටු 02 ක් අද (17) අළුයම ගිනි ගෙන තිබෙනවා. මේ වන විට...

POPULAR ARTICLES

කෝච්චි ප්‍රමාදයක්

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දෙපාර්තමේන්තුව පැවසුවා. කාර්මික දෝෂයට...

පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අද සිට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වනවා. මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා...

Voice of America වසා දමන්න ට්‍රම්ප් අත්සන් කරලා

අමෙරිකාවේ පැරණිතම සහ විශාලතම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය වන Voice of America මාධ්‍ය ජාලය වසා දැමීමේ විධායක නියෝගයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. ඒ,...