31 C
Colombo
Sunday, March 23, 2025

බිඳ වැටුන බලාපොරොත්තු

- Advertisement -

චීනයේ නැංජින් නුවරදී අද (21) ආරම්භ වූ ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුවක් මීට සුළු වේලාවකට පෙර බිඳ වැටුණා.

මෙම ශූරතාවලියේ පිරිමි මීටර 60 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට චමෝද් යෝධසිංහ සමත්ව තිබෙනවා.

ඔහු සහභාගි වූ අවසන් පූර්ව වටයේ දෙවන තරගය මෙරට වේලාවෙන් ප.ව. 5.33ට පැවති අතර, එහිදී ඔහුට අවසන් ස්ථානයෙන් සෑහීමට සිදුවිය.

තරගය අවසන් කිරීම සඳහා චමෝද් තත්පර 6.70ක කාලයක් වාර්තා කළා.

මෙම වටයේ පළමු ස්ථානය අමෙරිකානු ක්‍රීඩකයෙකුට හිමි වූ අතර, ඔහු තත්. 6.51කින් තරගය අවසන් කළා.

එමෙන්ම දෙවන ස්ථනය තත්. 6.54කින් තරගය අවසන් කළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුට හිමිවුණා.

ඒ අනුව ඔවුන් දෙදෙනාම අවසන් මහා තරගය සුදුසුකම් ලබාගත්තා.

මෙම ඉසව්වේ මූලික වටයේදී චමෝද් තත්පර 6.70කින් අවසන් කර එම අදියරේ තෙවන ස්ථානය පත්ව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනුනා.

RECENT ARTICLES - SINHALA

දෙවුන්දර වෙඩි තැබීම;සැකකරුවන්ව රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිට දී තරුණයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් එළැඹෙන 29 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අද (23)...

සභාපතිගේ මව මියගිය පුවතට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් මිනිත්තුවක්

ජාතික රූපවාහිනියේ සභාපති, ගිහාන් ද සිල්වා මහතාගේ, මවගේ මරණය පිළිබඳ පුවත වාර්තා කිරීම සදහා එහි ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් මිනිත්තුවකට වඩා වැඩි කාලයක් වෙන්කර තිබෙනවා. පසුගිය...

ගෙදරින් කෑම කන්න දේශබන්දු කළ ඉල්ලීමට පිළිතුරු

නිවසින් ආහාර ලබාගැනීමට දේශබන්දු තෙන්නකෝන් සිදුකළ ඉල්ලීම සලකා බලන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේවය අත්හිටුවා ඇති...

POPULAR ARTICLES

ලංකාවට ශුක්‍රාණු ධාතු බැංකුවක්

මෙරට ප්‍රථම වරට රජයේ රෝහලක් තුළ ශුක්‍රාණු ධාතු බැංකුවක් කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ආරම්භ කර තිබෙනවා. මඳසරුභාවය නිසා දරු ඵල නොමැතිව දුක් විඳින මව්පියන්...