පාර්ලිමේන්තුවේදී අයවැය සම්මත වීම නිමිත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සංවිධානය කරන සාදය සදහා පුද්ගලයන් 500 කට ආසන්න පිරිසකට ආරාධනා කර ඇති බව වාර්තා වේ.
අදාල සාදය කතානායක නිලනිවසේදී පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතන බව වාර්තා වේ. අදාල සාදයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ටද ඇරයුම් කර ඇති බව වාර්තා වේ.
කොවිඩ් 19 වසන්ගතය හමුවේ පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය පනවා නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කළයුතු ආකාර පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ ගෘහස්ථ උත්සවවලට හෝ එළිමහන් උත්සවවලට අවසර නොමැති බව නිවේදනය කර ඇත.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ පිරිසක් කතානායක නිල නිවස සැරසීමේ කටයුතුවල නිරතව සිටින බවත් වාර්තා වේ.