26 C
Colombo
Friday, October 25, 2024

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ව්‍යාපාර නියාමනයට සැරසෙයි

- Advertisement -

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සඳහා වන කාරක සභාවේ දී අනාවරණය වී ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ව්‍යාපාරික කටයුතු, ඒවාට සම්බන්ධ සමාගම්වල බදු ගෙවීම් ආදිය නියාමනය කිරීමට තවමත් විධිමත් යාන්ත්‍රණයක් නොමැති බවයි

ඒ අනුව අදාළ ගැටළුව සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සාකච්ඡා කර තිබෙනවා.

එය පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ සභාපතීත්වයෙන් පසුගියදා පැවැත් වූ බවයි වාර්තා වන්නේ.

මෙහි දී හෙළි වී ඇත්තේ අන්තර්ජාල ඔස්සේ ව්‍යාපාර සිදුකරන ඇතැම් විදේශීය සමාගම් බදු නොගෙවා විදේශයන්හි බැංකු ගිණුම් වෙත විශාල මුදල් ප්‍රමාණයක් ලබාගන්නා බවයි.

අන්තර්ජාලය කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපාරික කටයුතුවල නිරත වන දේශීය සමාගම් සහ ජාත්‍යන්තර සමාගම් සඳහා සම ව්‍යාපාරික පරිසරයක් ඇති කිරීමේ අවශ්‍යතාව ද මෙහි දී අවධාරණ කළ බවයි වාර්තා වූයේ.

ගිග් ආර්ථිකය (Gig Economy) වත්මන් තාක්‍ෂණික සංවර්ධනයට සමගාමීව ශීඝ්‍රයෙන් වර්ධනය වන බැවින් අන්තර්ජාලය හරහා සිදු කෙරෙන ව්‍යාපාරික කටයුතු දිරිමත් කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් මෙහි දී යෝජනා වූයේ මෙම ව්‍යාපාර නියාමනය කිරීම සඳහා නෛතික රාමුවක් මෙන්ම ඩිජිටල් සේවා බද්දක් හඳුන්වාදීම යෝග්‍ය බවයි.

තවද ආර්ථික ඩිජිටල්කරණය තුළින් පැන නගින බදු අභියෝග විසදීම සඳහා වන කුළුණු ද්විත්වයේ විසඳුම පිළිබඳ ප්‍රකාශයට අනුව (G20 /OECD) සාමාජික රටවල් 140 න් ගෝලීය ආයතනික බදු ගිවිසුමට අත්සන් කර නොමැතිව ඇත්තේ ශ්‍රී ලංකාව, පාකිස්තානය, කෙන්යාව සහ නයිජීරියාව යන රටවල් හතර පමණක් බවයි මෙහි දී හෙළිව ඇත්තේ.

එමෙන්ම ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම සඳහා මහ බැංකුව සකස් කළ සැලැස්ම පිළිබඳ වාර්තාවක් කමිටුවට ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම සභාවේ දී මෙරට ඔන්ලයින් තාක්ෂණය හරහා භාණ්ඩ හා සේවා සපයන දේශීය සමාගම් රජයට බදු ගෙවන අතර එම ව්‍යාපාරයේම නියුතු ඇතැම් විදේශීය ආයතන රජයට නිසි අයුරින් බදු නොගෙවන බවද හෙළි වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙහි දී රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විවේකා සිරිවර්ධන පෙන්වා දී තිබුණේ ආයෝජන හා ඔන්ලයින් තාක්ෂණය හරහා භාණ්ඩ හා සේවා සැපයීම කාරණා දෙකක් වන බවයි.

RECENT ARTICLES - SINHALA

ඇල්පිටිය ඡන්ද විමසීම හෙට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ...

මොනර මස් කෑ තවත් විදේශිකයන් පිරිසක් සොයා විමර්ශන

විදේශිකයෙක් ආදිවාසීන් සිව්දෙනෙකුද සමග එක්ව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී මොනරෙකු මරා ආහාරයට ගන්නා අයුරු රූ ගතකළ වීඩියෝවක් සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ...

නිවෙස් කොල්ලකෑ සැකකරුවෙක් අත්අඩංගුවට

ජා-ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාකවිට ප්‍රදේශයේදී වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු වයස අවුරුදු 28ක් වන ගෝනෑව,...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...