“කාලීන ආහාර පැකේජය” ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය තුළදී සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජයක් ලබා දීම සඳහා ජනාධිපතිවරයා විසින් 2025 අයවැය යටතේ ඉදිරිපත් කරන ලද යෝජනාව අනුව රුපියල් 5,000 ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් ” කාලීන ආහාර පැකේජයක් රුපියල් 2,500 ක සහ මිලකට ලබා දීමට සැලසුම් කර තිබෙනවා.
ඒ සඳහා අස්වැසුම් ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කරනු ලැබ ඇති 812,753 ක් වන අයදුම්කරුවන් අතුරින් ප්‍රතිලාභීන් තෝරා ගැනීමට අපේක්ෂා කරනු ලබනවා.
ඒ අනුව, 2025-04-01 දින සිට 2025-04-13 දින දක්වා කාලය තුළ රටපුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් ජාලය සහ COOPFED අලෙවිසැල් මඟින් ආහාර පැකේජය ප්‍රතිලාභීන් වෙත ලබා දීම පිණිස අවස්‍ය පියවර ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමක කර තිබෙනවා.