‘සරුසාර’ පොලී සහනාධාර යෝජනා ක්‍රමය 2025 වර්ෂයේ සිට වාර්ෂික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
කෙටිකාලීන භෝග සහ ගෙවතු වගාවල යෙදෙන සුළු සහ කුඩා පරිමාණ ගොවීන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම පිණිස ” සරුසාර ” නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය හඳුන්වා දී තිබුණා.
එය, 2020 වර්ෂයේ සිට මේ දක්වා ක්‍රියාත්මක කර ඇත්තේඑය ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින්.
මෑතකදී පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද මහ බැංකු නව පනතේ විධිවිධාන පරිදි එවැනි සහනදායි ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට මහ බැංකුවට හැකියාවක් නැහැ.
ඒ අනුව, , 2025 වර්ෂයේ සිට ” සරුසාර ” නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය වාර්ෂික වැඩසටහනක් ලෙස මහා භාණ්ඩාගාරයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කිරීම සඳහා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.