ඇමරිකාවේ අසාදු ලේඛනගත ‘ඉමාට් ශා සුබෙයිරි’ නමැති ව්‍යාපාරිකයකු වෙත මෙරට කීර්ති නාමය ඉහළ දැමීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් 2006 වසරේ දී නිසි අනුමැතියකින් තොරව මූල්‍ය පටිපාටි උල්ලංඝනය කරමින් ලබා දුන් බවට වූ නඩුවෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල්ට ඇප හිමිව තිබෙනවා.
ඒ ඊට අදාළ නඩුව අද (07) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදීයි.
තීනියාවල පාලිත් හිමියන් විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබූ මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ විභාගයට ගැණුනා.
ඒ අනුව හිටපු මහබැංකු අධිපතිවරයා රුපියල් මිලියනයක මුදල් ඇපයක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළා.