31 C
Colombo
Wednesday, October 16, 2024

ඉන්දියාවේ සිටින කැනඩා රාජ්‍යතාන්ත්‍රිකයින්ට එරටින් පිටවිමට නියෝග

- Advertisement -

ඉන්දියාව සහ කැනඩාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් පළුදු කරමින් ඊයේ (14) දෙපාර්ශවය, ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසකට ඉන්දියාවෙන් පිටවිමට නියෝග කර තිබෙනවා.

ඒ 2023 වසරේ ජූනි මාසයේදී, සික්හ් ආගම් බැතිමතෙකු වන හර්දීප් සින්ග් නිජ්ජර් නමැති පුද්ගලයෙකු කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේදී ඝාතනය වීමේ සිද්ධිය මුල් කරගනිමින්.

පෙරේදා (13) කැනේඩියානු බලධාරීන් පිරිසක් සඳහන් කර තිබුණේ, කැනඩාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් සන්ජේ කුමාර් වර්මා අදාල ඝාතනයේ අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් අවශ්‍ය පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි.

ඉන්දියාව මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින්, සන්ජේ කුමාර් වර්මා, ඉන්දියාව සතු ජ්‍යෙෂ්ඨතම රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු බවත්, වසර 36ක සේවා කාලයක් සතු ඔහු ජපානයේ සහ සුඩානයේ තානාපතිවරයා ලෙස කටයුතු කර ඇති බවත් සඳහන් කළා.

ඉන්දියාව මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට, ඉන්දියාවේ සිටින කැනඩාවේ වැඩ බලන මහ කොමසාරිස්, ස්ටුවර්ට් වීලර් කැඳවුයේ ඉන් අනතුරුවයි.

පසුව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණේ ඉන්දියාවේ සිටින කැනඩාවේ වැඩ බලන මහ කොමසාරිස්, ස්ටුවර්ට් වීලර් ඇතුළු ඉහළම පෙලේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 6 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ඔක්තෝබර් 19 වැනි සෙනසුරාදා මධ්‍යම රාත්‍රියට පෙර ඉන්දියාවෙන් පිටවී යා යුතු බවට ඉන්දීය රජය නිවේදනය කර තිබෙන බවයි.

ඊට අමතරව කැනඩාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් සන්ජේ කුමාර් වර්මා යලි ඉන්දියාවට කැඳවන බව ද ඉන්දීය රජය සඳහන් කර තිබෙනවා.

කෙසේ නමුත් අදාල නිවේදනයට පටහැනි ප්‍රකාශකයක් සිදුකරමින් කැනේඩියානු රජය සදහන් කර තිබෙන්නේ ඔවුන්, ඉන්දීය මහ කොමසාරිස් සන්ජේ කුමාර් වර්මා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 6 දෙනෙකු නෙරපා හැරි බවයි.

මෙම රාජ්‍ය තාන්ත්‍රික අර්බුධයට තුඩු දුන්, ඝාතනයට ලක්වූ හර්දීප් සින්ග් නිජ්ජර් 1997 වසරේදී ඉන්දියාවේ සිට කැනඩාවට පැමිණි පුද්ගලයෙක්.

පසුව ඔහුට කැනේඩියානු පුරවැසිභාවය හිමිව තිබෙනවා.

හර්දීප් සින්ග් නිජ්ජර්, සික්හ් ආගම් අන්තවාදීන් ගොඩනගාගෙන ඇති, කාලිස්ථාන ව්‍යාපාරයට සම්බන්ධය යැයි පවසමින් 2020 වසරේදී ඉන්දීය රජය ඔහු ත්‍රස්තවාදියෙකු ලෙස නම් කළේ මෙවැනි පසුබිමකයි.

2023 වසරේ ජූනි මාසයේදී ඔහු ඝාතනයට ලක්වීමෙන් පසු, කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ට්‍රඩෝ, අදාල ඝාතනයට ඉන්දීය රජයේ සම්බන්ධයක් තිබිය හැකි බව පවසමින් එරට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළා.

මේ හේතුවෙන් පසුගිය වසරේදීද දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුධයක් මතුවුණා.

RECENT ARTICLES - SINHALA

කාන්තාවක් සැකකටයුතු ලෙස මරුට – දෙදෙනෙක් අත්අඩංගුවට

අද (16) අලුයම් කාලයේදී හලාවත-කුරුණෑගල මාර්ගයේ මුගුණුවටවන ප්‍රදේශයේ මාර්ගයේ වැටී සිටි කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. පොලීසිය පවසන්නේ අදාළ කාන්තාව ප්‍රදේශවාසීන් විසින් රෝහල ට...

උපුල් තරංගට නිකුත් කළ වරෙන්තුව වළකමින් අතුරු තහනමක්

ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතලේ මහාධිකරණය විසින් නිකුත්කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (16) අතුරු තහනම්...

අර්ජුන් ඇලෝෂියස්ගේ ඇප ඉල්ලීම ගැන අධිකරණයෙන් තීන්දුවක්

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැරහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් ලබා සිටින ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු...

POPULAR ARTICLES

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම...

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්...

වාහන ආනයනය ගැන රජයෙන් පැහැදිලි කිරීමක්

බලයට පත්වූ පසු නව ආණ්ඩුව විසින් කිසිදු ආකාරයකින් තීරුබදු සහන සහිත වාහන ආනයනය කිරීමට කටයුතු කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා...