31 C
Colombo
Saturday, November 16, 2024

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයින්ට නඩු

- Advertisement -

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ වියදම් නියාමන පනත අනුව මැතිවරණය අවසන් වී දින 21 ක් ඇතුළත සියලු වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුවනවා.

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා විවිධ දේශපාලන පක්ෂ වලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් අපේක්ෂකයෝ 8888ක් ඉදිරිපත් වී සිටියා.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති) නීතිඥ චින්තක කුලරත්න මහතා පැවසුවේ ආදායම් වාර්තා කලට වේලාවට ඉදිරිපත් නොකරන අපේක්ෂකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මෙයට අමතරව අපේක්ෂකයන් වත්කම් බැරකම් ප්‍රකාශද කොමිෂන් සභාවට භාරදිය යුතුවනවා.

මැතිවරණ ක්‍රමය තුළ විනිවිදභාවයක් ඇති කිරීම සහ අනෙකුත් අපේක්ෂකයන්ට අසාධාරණයක් සිදුවීම වැළැක්වීම සඳහා එම වියදම් වාර්තා නීතිය ක්‍රියාත්මක වනවා.

RECENT ARTICLES - SINHALA

තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන එක්ලක්ෂ 45,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 20 වනදා සිදු කිරීමට නියමිතව තිබෙනවා. මහ බැංකුව නිවේදනය කළේ, දින 91 කින්...

මම ලේසියෙන් දේශපාලනෙන් සමුගන්නෙ නැහැ – මහින්ද

ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය හොද බවත් ඔවුනට රටේ පාලනය කරගෙන යාමට හැකි බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. රටේ ජනතාව ලබා දුන් ජනතා මතයට ගරු...

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්

දුම්රිය හරස් මාර්ග හරහා රිය ධාවනය කිරීමේදී අනතුරු වළක්වා ගැනීම සදහා සැලිකිලිමත් වන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ. ඉදිපොලගේ කියා...

POPULAR ARTICLES