30 C
Colombo
Thursday, September 19, 2024

දැන් වැටෙන්න බෑ.ඒකයි වරම ඉල්ලන්නේ-රනිල්

- Advertisement -

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මේ දක්වාත් අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡා කර නොමැති බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අම්පාර ප්‍රදේශයේ ඊයේ (16)පැවති ජනරැලියකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා.

“හැමෝම බෑ කිව්ව වෙලාවේ අපි එකතු වෙලා රට වෙනස් කරා. අපිට මේක දරාගන්න බැරිවුණ නිසා දේශපාලන පක්ෂ පැත්තකට දාලා අපි එකතු වුණා. මොකද සියලුදෙනාම ජීවත් කරවන්න. අපි එකතුවෙලා මේ රට දියුණු කළා. රුපියල ශක්තිමත් වුණා. බඩුමිල ක්‍රමානුකූලව අඩු වුණා. තාමත් මදි. අපිට තව පියවර ගන්න තියෙනවා. අපි භාගයක් දුරට වඩා ඇවිත් තියෙනවා. ඒක කරන්නයි මම විශේෂයෙන්ම ක්‍රියාකරන්නේ, දැන් වැටෙන්න බෑ. ඒකට තමා වරම ඉල්ලන්නේ. සජිත් මොනවද කියන්නේ ? අනුර කිව්වා මං එක්ක විවාදයකට එන්න කියලා. තාම ආවේ නෑ. එයාලා කියනවා IMF ගිහින් අනුමැතිය ගන්නවා කියලා. IMF අනුමැතිය නැතුව මේක ගන්න බෑ. අද වෙනකල් මං හොයලා බැලුවා එයාලා IMF කතා කරලා නෑ. මෙතනට ඇවිත් කතා කරනවා විතරයි. රට ආපහු ඒ තත්ත්වයට යන්න දෙන්න එපා. හොඳ අනාගතයක් වෙනුවෙන් සැප්තැම්බර් 21 ගෑස් සිලින්ඩරය ඉදිරියෙන් කතිරේ ගහන්න.”

RECENT ARTICLES - SINHALA

මිදිගම වෙඩි තැබීමක් – එක් අයෙක් ජීවිතක්ෂයට

ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේදී අද (19) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 38 හැවිරිදි මාළු...

සමාජ මාධ්‍ය හරහා මැතිවරණ නීති කඩ කළොත් වැඩ වරදියි

සමාජ මාධ්‍ය හරහා මැතිවරණය හා  සම්බන්ධයෙන් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්වන ආකාරයෙන් ක්‍රියා  කළහොත් ඒ්  සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  නියෝජ්‍ය...

ඡන්ද කාඩ් නිවෙස්වලට බෙදාහැරීම අවසන්

2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදා හැරීම මේ වනවිට සියල්ල අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. නියෝජ්‍ය තැපැල්පති රාජිත...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...