26.2 C
Colombo
Thursday, November 14, 2024

ITN, රූපවාහිනී ප්‍රවෘත්ති බලන්න බෑ..! – ඉරාජ්

- Advertisement -

ස්වාධීන රූපවාහිනියේ සහ ජාතික රූපවාහිනියේ පුවත් විකාශයන් නැරඹීමමට අපහසු තත්වයකට පත්ව ඇති බව ජනප්‍රිය සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා පවසනවා.

ඒ රාජ්‍ය මාධ්‍ය ස්වාධීන විය යුතු බවට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

දේශපාලඥයන් යන එන තැන් සහ කන බොන දෑ පෙන්වන තත්වයට රාජ්‍ය මාධ්‍ය ආයතන වල පුවත් සේවයන් පත්ව ඇති බවත් ඒවා බැලීමට ජනතාවට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවත් ඔහු පවසනවා.

එමෙන්ම, රාජ්‍ය මාධ්‍ය ආයතන ස්වාධීන විය යුතු බවට අමාත්‍යවරයා පැවසුවත් මෙරට මැති ඇමතිවරුන්ගේ වැරදි ක්‍රියා එම නාලිකා හරහා පෙන්වූවහොත් එම සේවකයන්ගේ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බැවින් ඒ සම්බන්ධ වගකීම ජනමාධ්‍ය ඇමතිවරයා විසින් භාරගත යුතු බවයි ඔහු අවධාරණය කර සිටින්නේ.


RECENT ARTICLES - SINHALA

රත්නපුර – නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 24,776 - 79.4%සමගි ජන බලවේගය - 2,969- 9.51%නව...

ගාල්ල – නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 32296සමගි ජන බලවේගය - 3523නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ -...

අපි පාර්ලිමේන්තුවේ බහුතර බලය ගන්නවා – හරිනි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය අද (14) මිරිහාන සමෘද්ධි ගොඩනැගිල්ලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය භාවිතා කළා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන්...

POPULAR ARTICLES