28.2 C
Colombo
Tuesday, October 22, 2024

ගම්මන්පිලගෙ කතාවට කාදිනල් හිමියන්ගේ ප්‍රතිචාරය

- Advertisement -

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති විශ්‍රාමික විනිසුරු ඒ. එම්. ජේ ද අල්විස් වාර්තාව ප්‍රතික්ෂේප කරන බව ගරු සිරිල් ගාමිණී පියතුමා පවසනවා.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තාවක අඩංගු කරුණු ප්‍රසිද්ධ කිරීමට ඊයේ (21) පෙරවරුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළ හෙළිදරව්වකට ප්‍රතිචාර දක්වමින් ගරු සිරිල් ගාමිණී පියතුමන් ඒ බව කියා සිටියා.

එතුමා මේ බව කියා සිටියේ, බොරැල්ල, අගරදගුරු මැදුරේ අද (22) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ සිරිල් ගාමිණි පියතුමන් :

“ඝාතන විමර්ශනයේ සාක්ෂි වසන් කිරීම හා විනාශ කිරීම පිළිබඳව අපරාධමය චෝදනා ලබා සිටින ප්‍රසන්න අල්විස් මහතාගේ සොහොයුරිය වන ඒ. එම්. ජේ ද අල්විස් මහත්මියව මෙම කමිටුවේ ප්‍රධානිය ලෙස පත්කරමින් ළබැඳියාවන් අතර ගැටුමක් නිතැනින්ම මතුවන බව පැහැදිලි කරුණක්. එම නිසා එවැන්නෙකු ප්‍රධානත්වය දැරූ කමිටුවක් විසින් ඉදිරිපත්කළ වාර්තාවක් අපක්ෂපාති සහ ස්වාධීන වාර්තාවක් ලෙස පිළිගැනීමට අපට කොහෙත්ම හැකියාවක් නැහැ. එම නිසා අපි මෙම වාර්තාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමු.”

මේ අතර උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කරන ලද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය වාර්තාව පිළිනොගන්නා බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා අද කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවා.

පියතුමානන් පවසන්නේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ඉදිරිපත් කරන ලෙස කතෝලික සභාව කළ ඉල්ලීම ඉවතට දැමූ උදය ගම්මන්පිල මහතා අද තමාට තැපෑලෙන් ලැබුණු බව කියන වාර්තාවක් ඉදිරිපත් කිරීම කිසියම් නාටකයක් බවයි.

කෙසේ වෙතත් උදය ගම්මන්පිල කාගේ හෝ කොන්ත්‍රාත් එකක් කරන බව හැගෙන බවයි උන්වහන්සේ කියා සිටියේ.

මේ වන විට මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක ජනතාවගේ දුක වේදනාව ප්‍රයෝජනයට ගෙන මැතිවරණ ජයගැනීමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව වැටහෙන බව මැල්කම් කාදිනල් රංජිත් පියතුමා වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

වාහන 38ක රාජ්‍ය ලාංඡනය නැහැ

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් වාහන 38ක  රාජ්‍ය ලාංඡනය යෙදිම සහ වාහන බදෙහි ආයතනයේ නම සටහන් කිරිමට කටයුතු කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින්...

මගී බස් 2ක් මුහුණට මුහුණ ගැටෙයි – 28ක් රෝහලේ

අද (22) දහවල් පෞද්ගලික මගී බස් දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශයේ දෙව්රුම්...

සහල් පාලන මිල ගැන අනුර කියයි

සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ, සංවිධිත කෘෂිකර්මාන්ත සැලැස්මක් ඇති කර ගොවි ජනතාවට...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

රත්තරන්ගේ බෑනගෙ ගෙදරින් මතුවු වාහන දෙක

හිටපු වරාය අමාත්‍යවරයකු වන රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක්...