24 C
Colombo
Wednesday, January 15, 2025

විමල්ට එරෙහි නඩුවක් කල්යයි

- Advertisement -

අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය නීත්‍යනුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් අයථා ලෙස අත්පත් කර ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විභාගය ජුනි මස 17 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කරනු ලැබුවා.

එම නඩුව අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකාර විමල් විරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා අසනීප තත්ත්වයෙන් පසු වන හෙයින් එම නඩුවේ විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව නඩු විභාගය ජුනි මස 17 සහ 28 යන දින වන සිදුකිරීමට තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා එදින සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කළේය.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම නඩුවට අදාළව පිළිගැනීම් 66 ක් සලකුණු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වය අවධානය යොමු කළහොත් මෙම නඩුව සියලු සාක්ෂි කැඳවීමකින් තොරව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් දන්වා සිටියාය.

ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බලන බව විත්තියේ නීතිඥවරයා සඳහන් කළේය.

2010 ජනවාරි මස 01 වනදා සිට 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය නීත්‍යානුකූල හා ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව එම නඩුව ගොනු කර තිබුණි.

RECENT ARTICLES - SINHALA

විදුලිබල මණ්ඩල දත්ත වැරදි බවට අනාවරණයක්

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු පිළිබඳ දත්ත වැරදි බවට විගණකාධිපතිවරයා සිදුකළ මූලික අධ්‍යනයකින් තහවුරු වී ඇති බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසනවා. අද (14) පැවති ප්‍රවෘත්ති...

පාසල් සිසුවිය පැහැරගත් තරුණයින් අධිකරණයට 

දවුලගලදී රුපියල් 50ක කප්පම් මුදලක් ඉල්ලා පාසල් සිසුවියක පැහැර ගැනීමේ සිදුවීමට සම්බන්ධ සියලු සැකකරුවන් අද (14) ගම්පොල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එහිදී මහෙස්ත්‍රාත්...

ගල් ඔය සුදුවැල්ල ගම්මානයේ පුද්ගලයින් 100ක් ඉවතට

ගල්ඔය සුදුවැල්ල ගම්මානයේ පවුල් 100 ක් ආරක්ෂිත ස්ථානයක් වෙත ඉවත් කළ බව අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා පවසනවා. ඔහු සඳහන් කළේ, අදාළ පිරිස ප්‍රදේශයේ...

POPULAR ARTICLES

විදුලිබල මණ්ඩල දත්ත වැරදි බවට අනාවරණයක්

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු පිළිබඳ දත්ත වැරදි බවට විගණකාධිපතිවරයා සිදුකළ මූලික අධ්‍යනයකින් තහවුරු වී ඇති බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසනවා. අද (14) පැවති ප්‍රවෘත්ති...

වමට සිග්නල් දාලා දකුණ​ට හැරෙන්න එපා – රවී

වත්මන් ආණ්ඩුව ගමන් කරන්නේ මීට පෙර ආණ්ඩු ගමන් කළ මාර්ගයෙහිම බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා. අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන්...

පාසල් සිසුවිය පැහැරගත් තරුණයින් අධිකරණයට 

දවුලගලදී රුපියල් 50ක කප්පම් මුදලක් ඉල්ලා පාසල් සිසුවියක පැහැර ගැනීමේ සිදුවීමට සම්බන්ධ සියලු සැකකරුවන් අද (14) ගම්පොල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එහිදී මහෙස්ත්‍රාත්...