24 C
Colombo
Thursday, March 20, 2025

යල කන්නය සඳහා ගොවීන්ට මුදල් සහනාධාර

- Advertisement -

2024 යල කන්නය සඳහා වී ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව එක් ගොවියෙකුට වගා කරන උපරිම හෙක්ටයාර 2ක් වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් 15,000 බැගින් වූ මුදලක් මූල්‍ය සහනාධාරයක් ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ලබාදීමට නියමිතයි.

එම නියමිත සහනාධාර මුදල් ගොවියන්ගේ බැංකු ගිණුම් වෙත ඍජුවම බැරකිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර 2024 යල කන්නය සඳහා සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මඟින් ද පොහොර ආනයනය කර, පුද්ගලික අංශය සමග තරගකාරී ලෙස ගොවීන් වෙත සහනදායි මිලකට පොහොර අලෙවි කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩල තීරණයක් ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

ජාතික පොහොර ලේකම් කාර්යාලය ඇස්තමේන්තු ගත කර තිබෙන්නේ යල කන්නයේ වී වගාව සඳහා යූරියා, TSP සහ MOP යන රසායනික පොහොර පිළිවෙලින් මෙට්‍රික්ටොන් 110,298.1ක් මෙට්‍රික්ටොන් 27,711.1ක් සහ මෙට්‍රික්ටොන් 33,412.4ක් අවශ්‍ය බවයි.

RECENT ARTICLES - SINHALA

‘මේ ආරම්භයක් පමණයි’- බෙන්ජමින් නෙතන්යාහු

ගාසා තීරයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරය 'ආරම්භය පමණයි' යැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබෙනවා. ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය ‘පූර්ණ බලයෙන් සටන් නැවත...

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කරන්න බැහැ – අනුර

වෘත්තීය සමිතිවල ඉල්ලීමක් හෝ බලකිරීමක් නොමැතිව ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම සිදුකර තිබියෙදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කළ නොහැකි බව ජනාධිපති අනුර...

දේශබන්දු කියන්නෙ සංවිධානාත්මක අපරාධකාරයෙක් – නීතිපති දෙපාර්තමේන්තුව

2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්...

POPULAR ARTICLES

‘මේ ආරම්භයක් පමණයි’- බෙන්ජමින් නෙතන්යාහු

ගාසා තීරයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරය 'ආරම්භය පමණයි' යැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබෙනවා. ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය ‘පූර්ණ බලයෙන් සටන් නැවත...

රජයේ තීරණය එනතුරු බලන් ඉන්න කොටස් වෙළදපොළ

රාජ්‍ය ව්‍යවසායයන් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විට සකසා ඇති බවත් ඉතිරිව ඇත්තේ ඒ වෙනුවෙන් රජයේ පාර්ශවයෙන් ක්‍රියාත්මක වීම...