24 C
Colombo
Friday, November 8, 2024

දැවකඳන් සමඟ කජු වතු අධිකාරිවරයෙක් අත්අඩංගුවට

- Advertisement -

මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු අත්අඩංගුවට ගත් බව සිලාවතුර පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ දැව ජාවාරමක් සම්බන්ධයෙන් මන්නාරම පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත ලැබුණ තොරතුරක් මත කජු වතුයායේ සිදුකළ වැටලීමකදී දැව කඳන් සමඟ වතු අධිකාරිවරයා අත්අඩංගුවට ගත් බවයි.

වතු අධිකාරිවරයා සතුව ඉහල වටිනාකමින් යුත් ඉරණ ලද බුරුත, කලුවර , තේක්ක, පලු සහ වීර දැව කඳන් 1820 ප්‍රමාණයක් සොයාගත් බව පොලිසිය පවසනවා.

මන්නාරම ප්‍රදේශයේ රක්ෂිත තුලින් ඉපැරණි ගස් කපා මෙම දැව ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවත් ගබඩාකර තිබූ දැවකඳන් වලට කිසිදු බලපත්‍රයක් හෝ නොතිබූ බවත් සඳහන්.

RECENT ARTICLES - SINHALA

අකුරණ නගරය ජලයෙන් යටවෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (08) පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටව තිබෙනවා. අකුරණ නගරය...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සාමාන්‍ය රාජකාරි සඳහා නොවැම්බර් 13 සහ 14 යන දෙදින වසා තබන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය...

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක කිහිපක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පූර්ව නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. එම සංවිධානය නිකුත් කල නිවේදනයේ...

POPULAR ARTICLES