26.2 C
Colombo
Friday, November 8, 2024

ගජමුතු සමග හිමිනමක් මාට්ටු

- Advertisement -

මහනුවර – ගලගෙදර ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් විසින් ලක්ෂ 40 ක් පමණ වටිනා ගජ මුතු දෙකක් විකිණිමට උත්සහ කිරිමේදි එම හිමිනම අත්අඩංගුවට ගැනිමට මධ්‍යම වනජිවි කලාප කාර්යාලයේ නිලධාරින් පියවර ගෙන තිබෙනවා.

එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් ගජ මුතු දෙකක් ලක්ෂ 40 ක මුදලකට අලෙවි කිරිමට සුදානම් වන බවට ලද තොරතුරක් මත වනජිවි නිලධාරින් උපාය දුතයෙකු යොදාගෙන පසුගිය 5 වැනිදා සිදු කල මෙහෙයුමකදි ගජ මුතු දෙක සහ සැකකාර හිමිනමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගලගෙදර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකාර හිමිනම (08) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

වනජිවි අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ සහ සහකාර අධ්‍යක්ෂක මධ්‍යම ප්‍රසාන්ත විමලදාස යන මහතුන්ගේ උපදෙස් පරිදි මධ්‍යම වනජිවි කලාප කාර්යාලයේ අඩවි ආරක්ෂක කැළුම් පතිරණ මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් වැටලිම සිදු කර ගජ මුතු දෙක සහ සැකකාර හිමි නම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසනවා. කිසියම්...

නිහඬ කාලයේදී සමාජ මාධ්‍යවලත් ප්‍රචාරණ කටයුතු බැහැ

නිහඬ කාලය තුළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරන අපේක්ෂකයින්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඔවුන්ගේ මන්ත්‍රී ධූරය පවා අහිමිවිය හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී...

පිරමීඩ මුදල් වංචාවකට යුවළක් අත්අඩංගුවට

රුපියල් කෝටි දහසක පමණ මුදලක් වංචා කර රටින් පලාගොස් සිටි පුද්ගලයෙකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. ඒ අද (08) අලුයම කටුනායක ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES