28.4 C
Colombo
Wednesday, April 16, 2025

ටියාරා කේක්වල බිත්තර ඇති බවට CBL සමාගම සහතික වෙයි

- Advertisement -

සිලෝන් බිස්කට් සමාගම විසින් නිෂ්පාදනය කෙරෙන ටියාරා කේක් නිෂ්පාදනයේදී ස්වභාවික බිත්තර භාවිතා නොකර ඒ සඳහා වෙනත් ආදේශකයන් භාවිතා කරන බවට වන කටකතාවක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන බවට සිලෝන් බිස්කට් සමාගම නිවේදනය කරනවා.

එම සමාගම පවසන්නේ ඔවුන්ගේ සියලුම නිෂ්පාදනයන් මෙන්ම ටියාරා කේක් නිෂ්පාදනයටත් ස්වභාවික මෙන්ම නැවුම් බිත්තර පමණක් භාවිතා කරන බවයි.

තවද එම නිෂ්පාදනයන් සඳහා කිසිදු රසායනික ආදේශකයක් භාවිතා නොකරන බවට තම සමාගම වගකීමෙන් යුතුව පාරිභෝගික ජනතාවට දැනුම් දෙන බවද අදාල නිවේදනයේ සඳහන්.

එමෙන්ම මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් ගෙනයන පුද්ගලයාට හෝ කණ්ඩායමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කරමින් සිටින බවද සිලෝන් බිස්කට් සමාගම නිවේදනය කරනවා.

කෙසේ වෙතත් අදාල නිවේදනයට ප්‍රතිචාර දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පාරිභෝගික ජනතාව විමසා ඇත්තේ ස්වභාවික බිත්තර යොදාගන්නා ආහාරයක් මාස 6 ක පමණ කාලයක් කල්තබාගන්නේ කෙසේද යන්නයි.

RECENT ARTICLES - SINHALA

අශෝක තෝරදෙණිය , ඉන්ද්‍රානන්දගේ කට වහන්න තහනම් නියෝගයක් අරන්

විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා සමාජ මාධ්‍යය...

සිරි දළදා වන්දනාවේ රථවාහන සැලැස්ම සහ ආරක්ෂක වැඩපිළිවෙලෙ මෙන්න

සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරන්නේ ඒ වෙනුවෙන් පොලිස්...

සිරුරට දැනෙන උණුසුමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (17)  දිනයේ දී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද, වයඹ,...

POPULAR ARTICLES

කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්

දීර්ඝ සතිඅන්තයකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹි අද (16) දිනයේ දී මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වුණා. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක...

අශෝක තෝරදෙණිය , ඉන්ද්‍රානන්දගේ කට වහන්න තහනම් නියෝගයක් අරන්

විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා සමාජ මාධ්‍යය...

අමෙරිකාව යළි තිරුබඳු වැඩි කරලා

අමෙරිකාව විසින් චීන භාණ්ඩ සඳහා පැන වූ සමස්ත තීරුබදු ප්‍රතිශතය 245%ක් දක්වා ඉහළ දමා තිබෙනවා. ධවල මන්දිරය නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර...