31 C
Colombo
Saturday, November 16, 2024

මෝදි ගැන කියපු ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි

- Advertisement -

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විෂය භාර අමාත්‍ය කංචන විජේස්කර මහතා ප්‍රකාශ කළේ, එම්.එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමන් භාර ගත් බවයි.

ඒ අනුව, ලංකා විදුලි බල මණ්ඩලයේ උපසභාපති නලින්ද ඉලංගකෝන් මහතා නව සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

පසුගියදා පැවති කෝප් කමිටුවට සහභාගී වූ ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා පැවසුවේ මන්නාරම සුළං විදුලි බලාගාරය ඉන්දියාවේ ආදානි සමාගමට ලබාදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට පැවසූ බවයි.


RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක 5ක නායයෑම් අවදානම තවදුරටත්

දිස්ත්‍රික්ක 5ක් වෙත පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම හෙට පස්වරු 4 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව...

විදෙස් නිරීක්ෂකයන්ගේ අවසන් වාර්තාව කොමිසමට

මහමැතිවරණය නිරීක්ෂණය සඳහා මැතිවරණ කොමිසමේ ආරාධනයෙන් දිවයිනට පැමිණි විදෙස් නිරීක්ෂකයින් සිය අවසන් වාර්තාව භාර දී තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී ඔවුන් අදාළ වාර්තාව මැතිවරණ...

වාර්තා අලුත් කළ මාලිමාවේ ජයග්‍රහණය

2024 මහමැතිවරණයෙන් ජාතික ජන බලවේගය ඓතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කරනු ලැබුවා. ඒ අනුව පක්ෂයක් මෙරට ඉතිහාසයේ මහමැතිවරණයකදි ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව වන 6,863,186ක් ලබාගැනීමට ජාතික ජන...

POPULAR ARTICLES