මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ලක්ෂමන් සහ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් COVID 19 ආසාදිත පුද්ගලයෙකු සමඟ සම්බන්ධවීමෙන් පසු ස්වයං නිරෝධායනයකට ලක්වී ඇත.
මහ බැංකු ආරංචි මාර්ග සඳහන් කළේ බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණය සඳහා තේ සැපයූ සේවකයෙකු මෙලෙස කොවිඩ් 19 ආසාදිතව ඇති බවයි.
ඒ අනුව මහබැංකු අධිපතිවරයා සහ කාර්ය මණ්ඩලය සමඟ සම්බන්ධ වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මේ වන විට නිරෝධායනයට යොමුකර ඇතිබව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයද පවසයි