28.6 C
Colombo
Monday, March 31, 2025

මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක් පත් කෙරේ

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරුන් ලෙස කටයුතු කළ ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මහත්මිය සහ එන්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර මහතා 2020 දෙසැම්බර් 14 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම බැංකුවේ නියෝජ්‍ය අධිපති තනතුරට උසස් කර ඇත.

මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය සහිතව මුදල් මණ්ඩලය මෙම උසස් වීම කර තිබේ.
         
 ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 30කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර ඇති බැංකු අධීක්ෂන හා නියාමන, විදේශ විනිමය කළමනාකරණ සහ ව්‍යවහාර මුදල් කළමනාකරණ යන ක්ෂේත්‍රවල විශේෂ පළපුරුද්දක් දරයි. ඇය එම කාලයේදී බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ විනිමය පාලක ලෙස ද සේවය කළාය. නියෝජ්‍ය අධිපති ලෙස උසස් කිරීමට පෙර ප්‍රනාන්දු මහත්මිය බැංකු අධීක්ෂණ, ව්‍යවහාර මුදල්, විදේශ විනිමය සහ අර්ථ සාධක අරමුදල් යන දෙපාර්තමේන්තු භාර සහකාර අධිපති ලෙස කටයුතු කළාය.

 ප්‍රනාන්දු මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී උපාධිය ද හිමි කරගෙන ඇත.
         
 එන්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර මහතා මහ බැංකු සේවයේ වසර 27කට අධික කාලයක් සම්පූර්ණ කර ඇති අතර බැංකු අධීක්ෂණය හා නියමානය, විදේශ සංචිත කළමනාකරණය සහ ජාත්‍යන්ත මෙහෙයුම්, දේශීය මෙහෙයුම්, දේශීය මෙහෙයුම්, සාර්ව විචක්ෂණතා අධීක්ෂණය සහ රාජ්‍ය ණය කළමනාකරණය යන අංශවල විශේෂ පළපුරුද්දක් ඇති නිලධාරියෙකි. නියෝජ්‍ය අධිපති ධුරයට පත්වීමට නානායක්කාර මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය, ප්‍රාදේශීය සංවර්ධන, මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා සහ කාර්ය මණ්ඩල සේවා කළමනාකරණ දෙපාර්තමේන්තු භාර සහකාර අධිපතිවරයා ලෙස කටයුතු කළේය.

නානායක්කාර මහමතා ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර පිහිටි ඇමෙරිකන් විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය පිළිබඳ විද්‍යාපති උපාධිය ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යවේදී උපාධිය ද ලබා ඇත.

අදාල මාධ්‍ය නිවේදනය පහළින්

RECENT ARTICLES - SINHALA

විදුලිය බිඳවැටීමෙන් සිදුවූ පාඩුව ගැන පාඨලී කියයි

පානදුර විදුලි උප පොලේ සිදුවූ ගැටලුව හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳ වැටීමෙන් ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවූ අලාභය රුපියල් කෝටි 830ක් බව එක්සත් ජනරජ පෙරමුණේ...

අපි කියන ගානට නැතුව අදානිට බලාගාරය දෙන්නේ නැහැ – ජනපති

කුමන ගිවිසුමකට එළඹී සිටියද වත්මන් රජය විසින් යෝජනා කරන මිල ගණන්වලට එකඟ නොවන්නේ නම් අදානි සමාගම සමඟ මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන බව...

ගාලු මුවදොර අසළ සුපිරි හෝටලයකින් වැටී තරුණයෙක් මරුට

ගාලු මුවදොර අසළ සුඛෝපභෝගී හෝටලයකින් තරුණයෙක් ඉහළ මහලයෙන් වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේ, එම පුද්ගලයා හෝටලයේ ඉහළ මහලෙන් වැටී මෙම මරණය...

POPULAR ARTICLES