29 C
Colombo
Saturday, January 11, 2025

ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විස් ආයතනයේ, ව්‍යාපාර කටයුතු මහබැංකුව අත්හිටුවයි

- Advertisement -

ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් ආයතනයේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිබෙනවා.

මහබැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31 – 1 වගන්තිය ප්‍රකාරව ඊයේ (12) පස්වරු 5 සිට බලපැවැත්වෙන පරිදි මෙම අත්හිටුවීම සිදුකර ඇති බව ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

ආයතනයේ මූල්‍ය තත්ත්වය අඛණ්ඩව පසුබෑමට ලක්වීම සහ නැවත යථා තත්ත්වයට පත්කිරීම සදහා ක්‍රියාත්මක කළ හැකි සාධනීය ආයෝජන යෝජනාවලියක් ඉදිරිපත් නොවීම හේතුකොටගෙන, මුදල් මණ්ඩලය පසුගිය වසරේ ජුලි මස 13 වන දා සිට බල පැවැත්වෙන පරිදි ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් සහ එහි මව් සමාගම වන ETI ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතන දෙකෙහි ව්‍යාපාර කටයුතු ජුලි මස 10 වන දා අත්හිටුවනු ලැබුවා.

එම ව්‍යාපාර කටයුතු අත්හිටුවීම මේ වසරේ ජනවාරි මස 12 වන දා දක්වා බල පැවැත්වුණා.

කෙසේ වෙතත්, ආයතනයේ ඉතුරුම් තැන්පත්වලින් 50% ප්‍රමාණයක් ආපසු ගෙවීම සදහා පමණක් පසුගිය ජනවාරි 13 වන දා සිට තෙමසක සීමිත කාලසීමාවක් සඳහා ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් ආයතනයේ ව්‍යාපාර කටයුතු නාමිකව නැවත ආරම්භ කිරීමට තීරණය කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

පත්තර කිහිපයකට ආයෙත් ලෙඩක්

ශ‍්‍රි ලංකා වරාය අධිකාරිය විසින් පුවත්පත් මණ්ඩලයට පැමිණිල්ලක් යොමු කර තිබෙනවා. වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂවරයා ඉලක්ක කරගනිමින්, සති අන්ත සහ සතියේ දිනවල වෙළඳ පොළට...

ගුරු විද්‍යාල අවසාන විභාගය ගැන දැනුම් දීමක්

ගුරු විද්‍යාල අවසාන විභාගය මෙම වසරේ මැයි මාසයේ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව උපාධිධාරී නොවන පුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගය මැයි...

හොර ලයිසන් හැදූ තුනක් මාට්ටු

කූට ලේඛන සකස් කරමින් රියැදුරු බලපත්‍ර සහ වාහන ලියාපදිංචි පොත් ව්‍යාජව සකස් කර ජාවාරම් කළ වේරහැර ප්‍රදේශයේ රියදුරු පාසලක් පවත්වාගෙන යන පුද්ගලයෙකු ඇතුළු පුද්ගලයන්...

POPULAR ARTICLES