25.7 C
Colombo
Sunday, November 24, 2024

ඉන්දීය අධිකරණය කඩදාසි භාවිතයෙන් ඉවත්වෙයි

- Advertisement -

නුදුරු අනාගතයේ දී ඉන්දීය අධිකරණය සම්පූර්ණයෙන්ම කඩදාසිවලින් තොර වනු ඇතැයි එරට නීති හා අධිකරණ අමාත්‍ය කිරන් රිජිජු පවසයි.

දිල්ලි මහාධිකරණ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ, තමන් ඊ-උසාවි ව්‍යාපෘති ගැන සවිස්තරාත්මක රැස්වීමක් පැවැත්වූ බවයි.

ඊ-උසාවි සඳහා ඉන්දියාවේ අගවිනිසුරු වරයා ප්‍රමුඛ අධිකරණය කටයුතු කරමින් ඇති බව ද ඔහු එහිදී පැවසීය.

සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය වූ අධිකරණය යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයටම විශාල බලපෑමක් ඇති කරනු ඇති බවත් විශේෂයෙන් එය ඉක්මන් ප්‍රතිඵල ලබාදීමට ද උපකාරී වනු ඇති බවත් ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

අධිකරණය වඩාත් සිත්ගන්නාසුළු හා ආකර්ශනීය කළ යුතු බවත් එවිට අගතියට පත් පුද්ගලයින්ට පහසුවෙන් අධිකරණයට පැමිණීමට හැකි වනු ඇති බවත් ඔහු එහිදී පවසා තිබේ.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES