27.7 C
Colombo
Thursday, December 12, 2024

ලංකා T10 සුපර් ලීගයේ තරඟ පාවාදීමක්?

- Advertisement -

මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (11) ආරම්භ වූ ‘ලංකා ටී10 සුපර් ලීග්’ ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක්ට තරග මුදලට පාවාදීමට යෝජනා කළේ යැයි කියන සිද්ධියකට ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයේ නිලධාරී කණ්ඩායමක් මහනුවරට ගොස් ඇති බව වාර්තා වනවා.

තරග පාවාදීමට යෝජනා කළේ යැයි කියන සිද්ධිය පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී) ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයට පැමිණිලි කර ඇති බව ද වාර්තා වනවා.

චෝදනාව එල්ල වී ඇති ඉන්දීය ජාතිකයා මෙම තරගාවලියට සහභාගී වන කණ්ඩායමක අයිතිකරුවකු බවත් ඔහු විසින්ම අදාළ ක්‍රීඩකයාට තරග පාවාදීමට යෝජනා කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වනවා.

මහනුවර බලා පිටත්ව ගොස් ඇති පොලිස් කණ්ඩායමට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයේ ඉහලතම නිලධාරීන් ද එක්ව සිටින බවත් ඊට අමතරව තවත් නිලධාරීන් කණ්ඩායමක් ඊයේ රාත්‍රියේ මහනුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ බවත් වැඩිදුරටත් සඳහන් වනවා.

මෙම තරගාවලියට සහභාගී වන කණ්ඩායම් හයට විදේශ ක්‍රීඩකයෝ 30 ක් පමණ ඇතුළත්ව සිටිනවා.

RECENT ARTICLES - SINHALA

දිනමිණ – සිළුමිණ පත්තරවලට අලුත් කර්තෘවරු පත්කරලා

රජයට අයත් ලේක්හවුස් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන දිනමිණ සහ සිළුමිණ පුවත්පත්වලට නව කර්තෘවරුන් පත්කර ඇති බවට වාර්තා වනවා. දිනමිණ පුවත්පතේ කර්තෘ ලෙස සේවය කළ මනෝජ්...

රිළවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න ගොවියන්ට පුළුවන්

ටොක් වඳුරා නමැති රිළා විශේෂය ශ්‍රී ලංකාවේ නීතියෙන් ආරක්‍ෂා නොවන ක්ෂීරපායින් පස් දෙනාට අයත් වන බව පරිසර නීතීඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා පවසනවා. ඩේලි මිරර්...

යාපනයේ ඇතැම් මරණවලට හේතුව මෙන්න

හඳුනානොගත් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් උතුරු පළාතේ මියගිය 07 දෙනාගෙන් ලබාගත් සාම්පලවලින් කිහිපයකම මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් වෛරසය පවතින බවට තහවුරු වී ඇති බව...

POPULAR ARTICLES

දිනමිණ – සිළුමිණ පත්තරවලට අලුත් කර්තෘවරු පත්කරලා

රජයට අයත් ලේක්හවුස් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන දිනමිණ සහ සිළුමිණ පුවත්පත්වලට නව කර්තෘවරුන් පත්කර ඇති බවට වාර්තා වනවා. දිනමිණ පුවත්පතේ කර්තෘ ලෙස සේවය කළ මනෝජ්...

රිළවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න ගොවියන්ට පුළුවන්

ටොක් වඳුරා නමැති රිළා විශේෂය ශ්‍රී ලංකාවේ නීතියෙන් ආරක්‍ෂා නොවන ක්ෂීරපායින් පස් දෙනාට අයත් වන බව පරිසර නීතීඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා පවසනවා. ඩේලි මිරර්...

2034 FIFA ලෝක කුසලාන තරඟාවලිය සෞදියට

2034 වර්ෂයේ ෆිෆා පාපන්දු ලෝක කුසලානය සෞදි අරාබියේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඊයේ (11) දිනයේදී රැස් වූ ලෝක පාපන්දු සම්මේලනයේ පාලක මණ්ඩලය විසින් මෙම...