27.5 C
Colombo
Thursday, April 10, 2025

චීනයේ සිලෝන් ටී ප්‍රවර්ධන වැඩසටහනක්

- Advertisement -

චීනය තුළ මාර්ගගත හෝ මාර්ගගත නොවන වේදිකාවක් හරහා සිලෝන් තේ අලෙවි කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි.

චීනයේ ෆූජියෑන් පළාතේ ස්ටාර්චයිනා ඉන්ටර්නැෂනල් සමාගම හා ශ්‍රී ලංකා තේ මණ්ඩලය අතර අත්සන් තැබෙන ගිවිසුමකින් ඊට මුල පිරීමට නියමිතය.

ස්ටාර්චයිනා යනු ප්‍රධාන වශයෙන් තේ ආනයන, අපනයන, නිෂ්කාශනයේදී අන්තර්ජාලය හරහා වෙළඳාම් කටයුතුවල නිරත වී සිටින බෙනී ටී ඉන්ඩස්ට්‍රි කම්පැණි ලිමිටඩ්හි පරිපාලිත සමාගමක් වේ.

ශ්‍රී ලංකා තේ චීනය තුළ සාම්ප්‍රදායිකව බෙදාහැරීමට අමතරව ශ්‍රී ලංකා තේ සන්නාම මාර්ගගතව ප්‍රවර්ධනය සහ විකිණීම සඳහා චීනයේ ගබඩා කිරීමේ හා භාරදීමේ ජාලයට සහාය වන පරිදි ෆෝජී මාර්ගගත විකුණුම් වේදිකාවක් ස්ථාපිත කිරීමට එකී අවබෝධතා ගිවිසුම යටතේ එම ආයතනය විසින් එකඟතාව පළ කර ඇත.

අදාළ ගිවිසුමට අදාළ කැබිනට් යෝජනාව වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

RECENT ARTICLES - SINHALA

රාජගිරියේදී ඉන්දීය ජාතිකයන් 22ක් අත්අඩංගුවට

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද...

පාස්පෝට් කාර්යාලයෙන් දැනුම්දීමක්

අප්‍රේල් මස එළැඹෙන 15,16 හා 17 යන දිනවල දී මහජනතාව වෙත විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව...

දැඩි නීති මාලාවක් යටතේ විවෘත වන උතුරේ පාර

පැවති යුදමය තත්ත්වය මත වසර 34ක් පුරා වසා තිබූ වසාවිලාන් - පලාලි මාර්ගය අද (10) උදෑසන යළි විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ ප්‍රදේශවාසීන්ගේ සහ...

POPULAR ARTICLES