28.7 C
Colombo
Tuesday, April 1, 2025

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි

- Advertisement -

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ මහතා සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා යොමු කර ඇති බව වාර්තා වෙනවා.

දිලීප විතාරණ මහතා සිය ඉල්ලා අස් වීමේ ලිපිය මීට සතියකට පමණ පෙර ජනාධිපතිවරයා වෙත මෙන්ම ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා වෙතද යොමු කර තිබෙනවා.

බන්දුර දිලීප විතාරණ මහතා, ජාතික ජනබලවේගයේ ප්‍රවාහන කමිටුවේ ප්‍රධානියා ලෙස මෙන්ම නාවල විවෘත විශ්ව විද්‍යාලයේ කථිකාචාර්වරයෙක් ලෙසද කටයුතු කරනු ලැබුවා.

තනතුරෙන් ඉල්ලා අස් වීමෙන් පසු දිලීප විතාරණ යළි විවෘත විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු  පීඨයේ සේවය සඳහා ගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

ප්‍රවාහන අමාත්‍යශයේ විෂය පථයට ඇතුළත් ආයතනවල සභාපති ධුරයෙන් ඉවත් වූ තෙවැනි නිලධාරියා බන්දුල දිලීප විතාරණ මහතා වන අතර ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ වෛද්‍ය රුවන් විජයමුණි සහ ජාතික ගමනාගමන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ රමාල් සිරිවර්ධන යන මහත්වරුන් මින් පෙර සිය ධූරවලින් ඉවත් වුණා.

RECENT ARTICLES - SINHALA

පොලිස් නිලධාරීන්ට පහර දෙන වීඩියෝව ගැන පැහැදිලි කිරීමක්

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ත්‍රිකුණාමලයේදී තරුණයින් පිරිසක් විසින් නිල ඇඳුමින් සැරසී සිටින පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝව සම්බන්ධයෙන්...

මිනුවන්ගොඩ පොලිස් වෙඩිතැබීමක්

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.  මිනුවන්ගොඩ මාර්ග බාධකයක මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේදී ඇති වූ...

හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහළට

අද (01) සිට හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහළ දමා තිබෙනවා. ඒ අනුව, මිලිලීටර් 450 කල් තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක් රුපියල් 25 කින්...

POPULAR ARTICLES