ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා පත් කර තිබෙනවා.
ඒ අනුව, ඔහු අද (16) ජාතික පුස්තකාල පරිශ්‍රයේදී එම ධූරයේ වැඩ භාරගනු ලැබුවා.
රත්න ශ්‍රී විජේසිංහ මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට පත් 20වැනි සභාපතිවරයායි.
අද පෙරවරුවේදී නව සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් 06 දෙනා වෙත බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් අමාත්‍යංශ පරිශ්‍රයේදී පත්වීම් ලිපි භාර දී තිබෙනවා.
සුනේත්‍රා රාජකරුණානායක, අබ්දුල් රසාක් අබ්දුල් කරීම්, සිවසාමි රාජසිංහම්, ආචාර්ය වසන්තා සුබසිංහ, ආචාර්ය ආනන්ද තිස්ස සහ පී. හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් එහි අධ්‍යක්ෂ මණ්ඩලයයි.