ජාතික ඇඳුම සමඟ කුරහන් සාටකය පැළඳි පුද්ගලයන්ගෙන් කෙනෙක් වන චමල් රාජපක්ෂ මහතා අද දින පාර්ලිමේන්තු පැමිණියේ කුරහන් සාටකය නොමැතිවයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසීමේදී “සාටකය වැඩක් නෑ” යැයි පැවසූ ඔහු තමන් ද ස්වාධීන බවත් පැවසුවා.
මේ අතර, අද දිනයේත් දිවයින පුරා ජන විරෝධතා ක්‍රියාත්මක වනවා.
ඒ, ජනාධිපතිවරයා ප්රමුඛ රජය ඉවත් වී මැතිවරණයක් ලබා දෙන ලෙස බල කරමින්.