අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
2016 වසරේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ළදරු පාසල් දරුවන්ට බෑග් ලබා දීම සඳහා පළාත් සභාව හරහා ලංකා බැංකුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් චෙක්පතක් මඟින් ලබාගෙන එය තම පදනම යටතේ මුදල් බවට පරිවර්තනය කර ඇති බවට චාමර සම්පත්ට එරෙහිව චෝදනා එල්ල වුණා.
මේ සම්බන්ධයෙන් අද (27) දින ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහුව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කර තිබුණා.
එහිදී, කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර 2ක් චාමර සම්පත් මහතා මතමුදා හැරීමට නියෝග කළා.
සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටත් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටත් මෙහිදී නියෝග කර තිබෙනවා.