එස්.බී දිසානායක යනු හුස්ම ගනිමින් සිටින මිනිසෙක්ද යැයි ප්‍රශ්න කළ යුතු බව එක්සත් පුරවැසි සන්ධානයේ නියෝජිත චමීර පෙරේරා මහතා පවසනවා.
ඒ, අද (27) දින පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
වත්මන් රජයට මියයන මිනිසුන්ගේ ජීවිතවල වටිනාකමක් නොමැති බව එස්.බී දිසානායකගේ ප්‍රකාශය තුළින් පෙන්නුම් කෙරන බවයි මීර පෙරේරා මහතා පෙන්වා දෙන්නේ.
එස්.බී දිසානායක යනු කටට එන දේ ප්‍රකාශ කරන්නෙකු බවත් එම කරුණ නිසාම ඔහු සිරගතව සිටි බවත් සිහිපත් කල ඔහු අදාල ප්‍රකාශය ජනතාව ඉදිරියේ කළහොත් මිනිසුන් ඊට දඬුවම් දෙනු ඇති බවත් ඔහු අවධාරණය කර සිටියා.