25 C
Colombo
Friday, April 25, 2025

රටේ මිනිස්සුන්ට කන්න නෑ, බජට් පාටිය නවත්වන්න – චමින්ද විජේසිරි

- Advertisement -

රටේ ජනතාවගෙන් සැළකිය යුතු ප්‍රමාණයක් එදාවේල සොයාගත නොහැකි තත්වයකට පත්ව සිටින අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙවැනි භෝජන සංග්‍රහ පැවැත්වීම සුදුසු නොවන බවත් එබැවින් අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමෙන් පසු පැවැත්වීමට නියමිත සාම්ප්‍රදායික භෝජන සංග්‍රහය අත්හිටුවන ලෙස සමගි ජන බලවේගය කතානායකවරයා‍ගෙන් ඉල්ලා ඇත.

දෙසැම්බර් 10 දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසා සිටියේ එම භෝජන සංග්‍රහයට වැය කරන මුදල කොරෝනා මර්දන වැඩපිළිවෙල සඳහා පරිත්‍යාග කළයුතු බවය.

අයවැය විවාදයෙන් පසුව කතානායකරවයා විසින් පවත්වන මෙම ‍භෝජන සංග්‍රහය සඳහා මෙවර 500 කට වැඩි පිරිසක් සහභාගිවීමට නියමිත බවත් ඒ සදහා අමුත්තන් 700 කට පමණ ආහාර හෝටලයින් ගෙන්වීමට කටයුතු කර ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබුණි.

RECENT ARTICLES - SINHALA

තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම දෙවන දිනය අදයි. ඒ අනුව අද (25) දිනයේ මෙන්ම අප්‍රේල්  28 සහ 29 යන...

අද කාලගුණය

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ...

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට අදාළව තවත් කරුණු

දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරීමේ සිද්ධිය සැලසුම් කළ බව කියන සැකකරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමත් සමග කරුණු රැසක් හෙළිකර ගැනීමට හැකිව තිබෙනවා. ඔහු...

POPULAR ARTICLES